28

398 35 4
                                    

නුරායා පුදුමයෙන් වගෙ තමන්ගේ පිටුපසින් හිටගෙන හිටිය කෙනා දිහා බලන් හිටියේ හිතාගන්නවත් බැරුව. ඊටපස්සේ ඉක්මනින්ම ඉස්සරහා හැරිලා ජනිත්ගෙන් ඇස් වලින් ඇහුවේ 'මෙයා මොකද මෙතන?' කියලා. "මමයි අක්කේ කතා කලේ.. රදීෂ් සර්ට..." ජනිත් එහෙම කිව්වේ රදීෂ් දිහා වගේම නුරායා දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන්.

'මේ මොකක්ද මේ සිද්ධිය? මුන් දෙන්නා වලියක්වත් දාගෙන ද? ය කෝ.. මේ ඔක්කොම දකින්න අහුවෙන්නේ මටමනේ..' ජනිත් හිත යටින් එහෙම හිතද්දී රදීෂ් නුරායාගේ ඇස් දිහාම බලාගෙන හිටියේ වාඩිවෙන්න ඇයගෙන් අවසර ලැබෙනකම් වගේ. නුරායා රදීෂ්ගේ දෑස්වලින් තමන්ගේ දෑස් මුදවාගෙන තමන්ට ඉදිරියේ වාඩිවෙලා හිටිය ජනිත් දිහාම බලාගෙන හිටියේ රදීෂ් දිහා බලන්න තිබුණ අකැමැත්ත නිසා.

***"ඉතිං? ත මු සේ ඒක කිව්වා කියලා මොකද? ත මු සේ හිතුවේ ත මු සේ කිව්ව නිසා මම මධුමිතාට නිවාඩු දුන්නා කියලා ද? මේක අහගන්නවා නුරායා!! මේ රදීෂ් හසරන්ද විජේසිංහගේ හිත හොඳ නිසයි එහෙම කලේ!! නැතුව තමුන් නිසා නෙවේ.

ඒ නිසා තමුන් තමුන්ගේ තරමට ඉන්නවා!!!"***

රදීෂ් ඊයේ කිව්ව ඒ වදන් ඇයගේ ඔලුවේ නැවත වතාවක් මොරදුන්නේ මේ දහස්වෙනි වතාවට වෙන්නැති. ඊයේ රෑම නුරායා කල්පනා කලේ ඔහුගේ ඒ වදන්. ඉතිං අන්න ඒ නිසයි ඊයේ දවසම වගේම, අද දවසෙත් නුරායා හැකි තරම්ම රදීෂ්ව මගෑරියේ. ඒ කොහොමවුණත් දැන් ජනිත් කරපු වැඩේ නිසා, තමන්ට ඔහු සමඟ එකම මේසේ වාඩිවී ආහාර අරගන්න සිද්ධවෙලා තියෙනවා. ඒත් නුරායා හිතාගත්තේ හැකිතරම් ඔහුගේ බැල්මවල් වගේම, ඔහු එක්ක කතා නොකර ඔහුව මගාරින්න.

"වාඩිවෙන්න සර්.." අන්තිමේ ජනිත් එහෙම කිව්වේ නුරායා නම් මොකක්ම හරි තරහක ඉන්නවා කියලා දැනුන නිසා.

"කෝ.. අරවින්ද? සමාධි එහෙම? ඔයාලා එකට නේද කන්නේ?" රදීෂ් එහෙම ඇහුවේ තමන්ට වම් පැත්තේ හිටිය නුරායා දිහා බලලා වගේම, ඉදිරියේ වාඩිවෙලා හිටිය ජනිත් දිහා බලලා. නුරායා මේසය උඩින් අතක් තියලා, ඒ අතට මූණ බරකරගෙන හිටියේ, රදීෂ් ව මගාරින්නම හිතාගෙන. "අ.. ඒ දෙන්නා... එනවා දැන්.. අ... සර් කොහොමද දන්නේ අපි එකට කන්නේ කියලා?" ජනිත් එහෙම ඇහුවේ රදීෂ්ගෙන් එලියට ගන්න තියෙන සියලුම තොරතුරු ටික එලියට ගන්න හිතාගෙන.

Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓Where stories live. Discover now