'මට හිතාගන්න බැහැ රදීෂ් මට කතා කලා කියලා.. එයා මට කා පාක් එකට එන්න කිව්වා.. ඒ මොකටද? තනියම කතා කරන්නද?
මම හිතන්නේ රදීෂ්... මේක වෙන්නැති වෙලාව ඔයාට මගේ හදවතේ තියෙන හැඟීම් කියන්න.
මම දන්නවා රදීෂ් ඔයාත් මට ආදරෙයි.. ඒත් ඔයාට ඒක කියාගන්න බැරුවනේ ඉන්නේ.. ඉතිං.. ඔයා කියන්න ඕනේ නැහැ.. මම ම ඒක ඔයාට කියන්නම්
අද මම ඔයාට කියන්නම් මම ඔයාට කොච්චර නම් ආදරෙයිද කියලා...
මම ඔයාට කොච්චර කල් ඉදන් ආදරේ කලාද කියලා..
ඔයාගේ ෆොටෝ එකක් විතරක් බලාගෙන මම ඔයාට කොයිතරම් නම් ආදරේ කලාද කියලා...
ඔව් රදීෂ්... තව කල්ගන්න ඕනේ නැහැ...
මේ අදම...
මේ දැන්ම... මම ඔයාට කියන්නම්...
මම ඔයාට කොච්චර නම් ආදරෙයිද කියලා...
මගෙ ආදරේ අහලා ඔයාත් අනිවාර්යයෙන්ම මට කියයි..,
ඔයා මට කොච්චර ආදරෙ කරනවද කියලා..
අද නම් මම ඔයාට ලැජ්ජවෙවී ඉන්න දෙන්නේ නැහැ..
ඔයාගේ හිතේ මට තියෙන ආදරේ මම ඔයාගේ කටින්ම අහගන්නවා...
අද ඉදන් අපි දෙන්නටම පුලුවන් වෙයි නිදහසේ ආදරේ කරන්න...
මම ඔයාට ගොඩක් ආදරෙයි රදීෂ්...
මගේ හදවත පිරිලා ඉතිරිලා යන්න මම ඔයාට ආදරෙයි...'
තමන්ගේ අත් දෙකම පපුවට තියාගන්න ගමන් සමාධි සතුටින් එහෙම හිතුවේ තනිව හිනැහෙන ගමන්. "අරවින්ද.., මම ඉක්මනටම පහලට ගිහිල්ලා එන්නම් හොදද?" ඊට අරවින්දට පිලිතුරු ලබාදීමටවත් වෙලාවක් ලබාදෙන්නේ නැතුව සමාධි දිව ගියේ විදුලි සෝපානය දෙසට. 'නූරි කොහේ ගිහින්ද මන්දා.. සාගර සර්ගේ වැඩකට යන්න ඇති.. අපරාදේ එයා හිටියා නම් මට අහන්න තිබුණා මගේ පෙනුම කොහොමද කියලා...' සමාධි තමන්ගේ පෙනුම ගැන හිතන ගමන්ම රදීෂ් තමන්ට පැමිණෙන කිව්ව එකට සතුටුවෙන ගමන්ම විදුලිසෝපානය තුල ගමන්ගත්තේ. හිතට දැනුනු පුදුමාකාර සතුටත් එක්ක ඇය රථගාල වෙතට පිවිසියේ.. මිනිත්තු කීපයක්ම ඔහු වෙනුවෙන් බලාගෙන ඉද්දී හිතට දැනුනේ පුදුමාකාර සතුටක්. ඔහුගේ රථය රථගාලට පිවිසෙද්දීම ඇයගේ හදවත ගැහුණේ 'ලබ් ඩබ්' හඬින් නෙවේ.. ඔහුගේ නාමයෙන්.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
General Fictionඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]