"ඔයාද ඒ දෙන්නාව මරලා දැම්මේ?"
ඇය එසේ විමසද්දීත් රදීෂ් තවමත් හිටියේ සුසුම් හෙලන ගමන්මයි. නුරායා එවිටයි දුටුවේ ඔහුගේ කමිසයේ බොත්තම් සියල්ල වගේම විවර වී ඇති බව. ඉක්මනින්ම ඇය අනික්පස බලාගනිද්දී රදීෂ් ඉක්මනින්ම තම අතකින් කමිසයේ දෙකොන එකතුකර ලංකරගත්තා.
"විකාරද? මම මොකටද මගේ අක්කාව මරන්නේ? අනික එයා මගේ පණ වගේ!!" රදීෂ්ගේ හඬ තරමක් උස් වුණේ ඇය තමන්ට ඉතාමත් සංවේදී වූ කරුණක් පිලිබදව මෙසේ කිසිදු තැකීමකින් තොරව කතා කරද්දීයි.
"එහෙනම් මොන එහෙකට ද ඔයා එයාලාගේ හනිමූන් එක අස්සේ ගියේ? බොරු නම් කියන්න හදන්න එපා..!! මම දැක්කා ඔයාව!!" නුරායා කිසිදු බියක් නොගෙනම ඔහුට චෝදනා කලේ තමන් සැබැවින්ම දුටුවේ ඔහුව බැවින්.
"ඔයා තාත්තාගෙන් හරියටම කතාව අහගත්තේ නැද්ද?" රදීෂ් විමසුවේ කමිසය තරමක් එකට ලංකර තමන්ව වසාගනිමින්, පපුව හරහා දෑත් බැදගන්නා ගමන්.
නුරායා ඔහු පවසන දේ හරිහැටි පහදනකම්ම ඔහු දෙස බලා සිටියා.
"අක්කායි, අයියායි එක්ක මාත් මෙහෙ හිටියේ එයාලාව මරද්දී" රදීෂ් එසේ පවසද්දී ඇය දෙනෙත් විසල් කරගෙන ඔහු දෙස බැලුවේ එය විශ්වාස කල නොහැකිවයි.
සුසුමක් හෙලූ ඔහු කතා කරන්න ගත්තා.
"ඔයා ඔය දැක්කේ මම මේ කොරිඩෝ එක පැත්තේ ඉදන් එනවා නේ?" රදීෂ් විමසද්දී ඇය හිස සැලුවේ කීකරු බලුපැටියෙක් වගේ.
"අර පේන පඩිපෙලෙන් මගේ කාමරේට.. ඒ කියන්නෙ දැන් තියෙන ඔයාගේ කාමරේට යන්න පුලුවන්. මම කාමරේ ඉදන් ආවේ.. ඒත් මේ දෙන්නාගේ වැඩ නිසා ආයේ ඉතිං කාමරේටම යන්න වුණා.." රදීෂ් පැවසුවේ දුක පිරුණු හැඟීම් සහිත හඬකින්. ඔවුන් දෙදෙනා ජීවත්වී සිටින දෙදෙනෙක් නම්, මේ කතාව රදීෂ් අද හිනාවෙවී විස්තර කරනු ඇත. නමුත් ඒ ආදරණීය යුවල අද ජීවතුන් අතර නැත. ඉතිං ඒ මතකයන් සියල්ලම අදුරු , දුක්ඛිත මතකයන් බවට පරිවර්ථනය වී ඇත.
"ඒත්.. සර්.. ඔයා මොනාද හනිමූන් එකක කලේ? ඒක.. එච්චර.." ඇය තම කතාව නතර කලේ එසේ ඇසීම හොද නැති බව වැටහුන නිසයි.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
Художественная прозаඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]