ඒ දවසේ ඉර පෑයුවෙත් හරිම ආදරණීය විදිහට කියලයි ආදරය හිතේ පොදි බැදන් හිටිය හැමෝටම හිතුනේ.
වැලන්ටයින්.. ඒ වචනය පුරාමත් ආදරය පිරිලා ඉතිරිලා තිබුණා.
"මධූ මගේ මේස් දෙක කොහෙද....???" උදේ පාන්දරම නිමේෂ්ගේ කෑ ගැහිල්ලෙන් මධූගේ නිවස පිරිලා තිබුණේ.
"වෙනිදා තියෙන තැනම තමයි නිමේෂ්..." මධූ කුස්සියේ ඉදන්ම කෑ ගැහුවා. නිමේෂ්ට උදේ ඉදන්ම මොනාවෙලා ද කියලා මධූට හිතාගන්න බැරුව හිටියේ. මොකද නිමේෂ් කියලා කියන්නේ මධූටත් වඩා පිලිවෙල කෙනෙක්. ඉතිං උදේ පාන්දර ම බොරුවට මධූගෙන් දේවල් අහ අහා වද දෙද්දී මධූ කල්පනා කලේ නිමේෂ්ට මේ මොනාවෙලාද කියලා.
"කෝ අනේ මගෙ ෂූස් දෙක??"
"වෙනදා තියෙන තැනම තමයි අනේ......."
"මධූ කෝ මගේ කෝට් එක?"
"අල්මාරියේ තියෙන තැනම ඇති බලන්නකෝ කෑ ගහන්නේ නැතුව"
"මගේ ෂර්ට් එක කෝ අනේ?"
"මොකක්ද නිමේෂ් වෙලා තියෙන්නේ? වෙනිදා මැදලා දාන්නේ රැක් එකේ නේ.. ඒ විදිහටම තියෙනවා අනේ බලන්නකෝ වද දෙන්නේ නැතුව"
"මධූ මගේ ප'ෆියුම් එක කොහෙද?????"
ඒ ඇති!
ඒ තමයි මධූගේ ඉවසීමේ සීමාව වුණේ. හැන්දත් අතේ තියාගෙනම මධූ කාමරයට ගියේ නිමේෂ්ට මේ මොනාවෙලාද කියලා හොයලා බලන්න.
"මේ ඔයා කවුද ආහ්?? කෝ මගේ හස්බන්ඩ්??" මධූ කාමරයට ගියපු ගමන් හැන්දත් දිගු කරලා නිමේෂ්ගෙන් එහෙම අහද්දීම නිමේෂ්ගේ තොල් අතරින් බකස් ගාලා හිනාවක් පැන්නා.
"හම්මෝ.. ඉතින් කාමරේට ගෙන්න ගන්න තියෙන අමාරුව බලන්නකෝ. මෙච්චර දේවල් අහලත් දැන්නේ ආවේ..." මධූට හෙලවෙන්නවත් දෙන්නේ නැතුව තද කරලා ඇයව පිටුපසින් වැළඳගත් නිමේෂ් කිව්වේ කොපුලක් සිඹිමිනි.
"මොකද ඉතින් මේහ්....?? උදේ පාන්දරම විකාර කරන්නේ...? වැඩ තියෙනවා අනේ මට...හොද්ද ලිපේ" මධු කිව්වේ තමන් හද හදා හිටිය අන්තිම මාලුව හදලා ඉවරවෙලා ලෑස්තිවෙන්නත් තිබුණ නිසා.
"හැපි වැලන්ටයින් මැණික..." නැවත වතාවක් ඔහු ඇයව සිපගත්තා.
"හැපි වැලන්ටයින් නිමේෂ්... ඒත් ඉතින් ඔයාත් එක්ක ඉද්දී මට නම් හැමදාම වැලන්ටයින් වගේ තමයි අනේ..." මධූ එහෙම කිව්වේ ඔහුගේ අතක් සිපගන්න ගමන් ආදරයෙන්.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
General Fictionඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]