සඳට පෙම් බඳින්නම්... 🌙💝
66.⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡
"ජනිත්..., ජනිත්..., ඔහොම ඉන්න......" ඈ දුර තියාම දුවගෙන ආවේ ඔහු වෙතටයි. සිරුරට දැනුනු අපහසුතාවයත් පසෙකලා ඈ ඔහු වෙතට දිවගෙන ගියේ කෙසේ හෝ ඔහුව අල්ලාගැනීමේ අරමුණින්.
නිරාශා සමඟ කියවමින් පාළු කොරිඩෝවේ ඇවිදිමින් සිටී ජනිත් පිටුපස හැරුනේ ඇයගේ කෑ ගැසීමටයි. සිනාසෙමින්ම තමා වෙතට දිවගෙන එන ඇයව දුටු ඔහුගේ දෙතොල් අතරටත් ආවේ සිනාවක්.
නුරායා දුවගෙන ඇවිත් නතරවුණේ ජනිත්ව ආදරයෙන් බදාගෙන. "අනේ.... ජනිත්....." ඇයගේ හඬෙහි පැවතුනේ අන් කිසිදිනෙක නොතිබූ සතුටකි. "ඊයේ මොනාහරි වුණා නේද? ඒකනේ මේ තරම් සතුටින්?" ජනිත් විමසුවේ ඈව තමාගෙන් ඉවත්කර ඒ මූණට එබෙන ගමන්. තරමක් ලැජ්ජාවෙන් වුවත්, ඇයගේ දෙතොල් මත ඇඳී තිබුණේ අතිශයින්ම සතුටු විශාල සිනාවක්.
"අන්තිමේ.. එහෙනම් රදීෂයා කිව්වා නේද?" ජනිත් එලෙස විමසද්දීම ඈ සිනාසුනේ හිස සලමින්. "ඔයා නරකයි ජනිත්... ඔයා හැමදේම දැනගෙනත් මට කිව්වේ නෑ නේද?" ජනිත්ගේ අතකට පහරක් ගහන ගමන් ඈ පැවසුවේ නෝක්කාඩු ස්වරයෙන්.
"යකෝ ඕක මං කියලා හරියනවාවැයි ඌ නේ කියන්න ඕනේ.. මම කියන්න ඕනේ එකක් නම් ඉතිං මම මෙලහකටත් කියලා" ජනිත් සිනාසෙමින්ම එසේ පවසද්දී නිරාශා ඔවුන් දෙදෙනා දෙස බලාසිටියේ යන්තමින් සිදුවන දේ වටහාගනිමින්. "තෑන්ක්ස් ජනිත්... ඔයා තමයි හැමදාම මා එක්ක හිටියේ මොන දේ වුණත්" ඈ නැවත වතාවක් ජනිත්ව වැළඳගත්තේ හදවතින්ම ඔහු පිලිබදව දැනුනු සහෝදරත්ව හැඟීම් නිසයි.
"ඔය දෙන්නා නිකං කපල් එකක් වගේනේ ආහ්... මං නම් කියන්නේ රදීෂ් අයියාව අතෑරලා ජනිත් එක්ක යාලුවෙන්න අක්කේ.. ඒ මනුස්සයාට මූලග්ගාය වැඩීලු.. ඔයාට හරියන්නේ නැහැ... අනික මූත් මේ කොහෙ ඉන්න කෙල්ලොන්ව ද දන්නේ නැහැ පාරවල් ගානේ දැකලා කැමතිවෙලා තියෙන්නේ" නිරාශාගේ වදන්වලින් නුරායාගේ මෙන්ම ජනිත්ගේ ද මුහුණුවලට එකතුවුණේ තරමක කෝපයක්.
"මේ හරක් කතා කියන්නැතුව ඉදපන් මී හරකි...!"
"තමුසෙනේ මී හරකා!! මහ මෝඩයෙක්! හහ්! මං යනවා!" ඈ ඔහුට ගස්සමින් පිටත්වුණේ ජනිත් සහ නුරායා ඔවුනොවුන්ගෙන් ඉවත්වෙද්දීයි.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
Genel Kurguඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]