සඳට පෙම් බඳින්නම්... 🌙💝
85.⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡
"රදීෂ්..,"
"හ්ම්ම්?"
"මං දෙයක් කියන්නම්? තරහාගන්නේ නැතුව අහනවද?" නුරායා විමසුවේ රදීෂ්ගේ කමිසයේ බොත්තමක තම අතැඟිලි දඟකරවමින්. "කියන්න බලන්නකෝ... තරහා යනවද නැද්ද කියලා කිව්වට පස්සේ බලමුකෝ.." තම කමිස බොත්තම සමඟ සෙල්ලම් කරමින් සිටී ඇයගේ අත ගත් රදීෂ්, අත්වැසුමෙන් පිටතට නිරාවරණය වී තිබූ ඇයගේ අතැඟිලි මත දෙතොල් තැබුවේ ඒ දෙනෙත් දෙස ඍජුවම බලමින්. තමන් අද ඇයට විවාහ යෝජනාවක් කළ බව ඔහුටත් සිතාගත නොහැකිවයි සිටියේ. දින ගණනාවක පටන්ම ඔහුගේ සිතට මේ කාරණාව වද දුන්නත්, ඇයගෙන් අසන්නේ කෙසේදැයි හරි හැටි අවබෝධයක් නොතිබුණා. නමුත් අවසානයේ, හදවතට එකඟව හදවතේ තිබුණු හැඟීම් වචන කලේ අදයි.
"මෙහෙමයි.. මේ.. අපි.. මැරි කලාට පස්සේ.. කයිසර් එකෙන් අයින් වෙමුද?"
ඒ වදනත් එක්ක නම් රදීෂ්ගේ මුවෙහි මෙතරම් වෙලාවක් රැදී තිබුණු හිනාව වියැකිලා යන්න ඒ තරම් වෙලාවක් ගත වුණේ නැත.
"කයිසර් එකෙන්? ඒ ඇයි ඒ?" කිසිවක් වටහාගත නොහැකිවුවත්, රදීෂ් විමසුවේ තරමක් කලබලකාරී බැල්මකින්.
"මම දන්නවා.. ඒක.. ඒක ඔයාගේ කියලා.. සාගර සර්ගෙන් පස්සේ ඒක ඔයාට තමයි අයිතිවෙන්නේ.. ඒ වුණාට රදීෂ්.. ඔයාට හිතෙන්නේ නැද්ද ඔයා ගොඩක් ස්ට්රෙස් වෙනවා කියලා කම්පැනි එක නිසා? සාගර සර් ට වඩා ඔයයි කම්පැනි එක ගැන හොයලා බලන්නේ. අනික තමයි.. සාගර සර් හිතුන හිතුන වෙලාවට කට්ටියව අයින්කරනවා, සෙකන්ඩ් ෆ්ලෝ එකත් මේ ළඟදි සුද්ද කලානේ.. ඒ වැඩත් ඔයාගේ පිටට එන්නේ කොහෙන්හරිම. අනික.. එක එක තීරණ එක එක වෙලාවට. මම දැන් මාස ගාණක ඉදන් බලාගෙන හිටියේ.. ඔයා කොච්චර මහන්සිවෙලා වැඩ කරනවද කියලා. සමහර දවස්වලට දවස් දෙක තුන නිදාගන්නේ නැතුව වැඩ කරනවා. ඇස් වල හැමවෙලේම මහන්සිය. මට පේනවා ඔයාට ගොඩක් මහන්සියි කියලා.. ඒ නිසයි කියන්නේ.. අපි දෙන්නම කයිසර් එකෙන් අයින්වෙලා වෙන කම්පැනි එකක වැඩ කරමුද? එහෙම නැත්නම්.. කයිසර් එකේම වුණත්.. සාගර සර්ට කියමුද ඔයාට වැඩ වැඩියි කියලා? නැත්නම් සෙකට්රි කෙනෙක් ගමුද?"
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
Художественная прозаඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]