සඳට පෙම් බඳින්නම්... 🌙💝
92.⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡
"කියන්න නූ..." රථය පදවන ගමන්ම තම බ්ලූටූත් ඉයර්ෆෝනය කනේ රදවාගනිමින් ම රදීෂ් තම දුරකතන ඇමතුමට සම්බන්ධ වූවා.
"අනේ.. රදීෂ්.. ඔයා කොහෙද ඉන්නේ?" දුරකතනයේ අනික් පසින් ඇසුණු නුරායාගේ හඩෙහි නම් තිබුණේ අතිශයින්ම කලබල ගතියකි.
"මම.. ඩ්රයිව් කරන ගමන් ඉන්නේ.. කියන්න.. ඇයි මොකද වුණේ?"
"අනේ.. මේ පොඩි හදිස්සියක්.. ඔයාට ඉක්මනට එන්න බැරිවෙයිද?"
"හදිස්සියක්? මොකද වුණේ? අ.. මධු අක්කාට හරි නිමේෂ් අයියාට හරි කියනවද? මම මේ එන ගමන්.. මම එනකම් එයාලාට කතා කරගන්නකෝ නූ.." රදීෂ්ගේ හඩ ද මෙවර කලබලයෙන් ඇයව ඇමතුවේ සිදුවන කිසිදු දෙයක් පැහැදිලි කරගත නොහැකිවයි.
"අනේ.. මට ලැජ්ජායි එයාලාට කතා කරන්න.. අනේ.. ඔයා එන්නකෝ.." මෙවර ඈ තරමක් කෝළ හඩකින් එලෙස පවසද්දී රදීෂ් දෙනෙත් සිහින් කර දුරකතනය දෙස බැලුවේ, නුරායාගේ හැසිරීමෙන් කිසිවක් වටහාගත නොහැකිවද්දීයි.
"අ... බබා.. මේ ඉස්සරහා ෆාමසි එකක් තියෙනවා.. ඔයාට ඕනේ මොන වර්ගෙද කිව්වොත් මට එද්දී අරගෙන එන්න පුළුවන්.." යමක් වටහාගත්තාත් මෙන් රදීෂ් පිළිතුරු ලබාදුන්නේ පාර අවට බලමින් ෆාමසිය පහු වූවාද නැත්ද යන්න ද තහවුරු කරගනිමින්.
"අරගෙන එන්න? අනේ.... එහෙම එකක් නෙවෙයි.. එන්නකෝ... අනේ.. තවත් මෙතන ඉන්නත් අමාරුයි..." නුරායා නැවත වතාවක් රහසින් කතා කරමින්ම කන් කෙඳිරි ගාද්දී රදීෂ් ඇද වැටුනේ පඹගාලකටයි.
"මෙතන ඉන්න? කොහෙද ඔයා ඉන්නේ ඔය ආහ්?"
"ගෙදර අනේ.. ගෙදර.. එන්නකෝ.. තව වෙලා යනවද?"
"නෑ.. නෑ.. තව විනාඩි පහයි.. මම ඔතන.. මොනාට කෑ ගහනවද මන්දා.. තියන්න ඕක.. මම මේ දැන් පාක් කරන්න දාන ගමන්" දුරකතනය ඉක්මනින්ම විසන්ධි කල රදීෂ් රථය නියමිත පරිදි නවතා, ඉක්මන් ගමනින් ගොස් විදුලි සෝපානයට නැගුනේ නුරායාගේ දුරකතන ඇමතුමේ තිබුණු ප්රශ්න සියල්ලම විසදාගැනීමේ අරමුණිනුයි.
ඔහු නිවස දෙසට ඇවිදගෙන ගියේද ඒ කලබල ගමනින්මයි. නමුත් නිවසේ දොරටුව ඉදිරිපිට අත්වැටට හේත්තු වී සිටින නුරායාව දුටු ඔහු පුදුමයෙන් මෙන් ඈ දෙස බැලුවත් ඒ සැනින් ඒ වත කළු වී ගියා.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
Художественная прозаඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]