29

384 45 5
                                    

"සුලෝ..., ටිකක් ඔහොම ඉන්න..."

රදීෂ්ගේ ඒ හඬත් එක්කම නුරායා පලවෙනි පඩියෙන්ම නැවතුනේ ඔහුගේ දිහාට හැරෙන ගමන්. ඒත් ඒ දෑස් ඔහු දිහා බලන්න නම් වදවුණේ නැහැ. මොකද කිව්වොත් තමන්ගේ තරමට ඉන්න කියලා කියද්දී කියද්දීත් තමන්ගේ තරම දැනගෙන ඉන්න එක හොඳයි කියලා ඇයගේ හිත ඇයට කිව්ව නිසා.

"සුලෝ.. මොකක්හරි ප්‍රශ්නෙකද ඔයා ඉන්නේ?" රදීෂ් එහෙම ඇහුවේ ඇය ගැන වදවෙන ගමන්.

"අනේ නැහැ සර්.. කිසිම ප්‍රශ්නයක් නැහැ.. සර්ට ඕනේ කිව්ව ෆයිල් එක මම රෙඩි කරන්නම් මේ දැන් ගිහින්" නුරායා එහෙම කියාගෙනම ඉක්මනින්ම එතනින් ඉවත්වෙලා යන්න හැදුවේ, රාජකාරී වැඩ හැර අනික් කිසිම දෙයක් පිලිබඳව ඔහුත් එක්ක කතා කිරීමට තරම් දෙයක් ඉතුරුවෙලා නැති නිසා. ඒත් එක්වරම ඇයගේ බාහුවෙන් තදින් ඇල්ලුව අතක් නිසා ඇය නගින්නට ගිය පඩියෙන් පහලට වැටුනේ හිතන්නවත් මොහොතක් නොදී. ඒ වැටුනු විදිහට ඇය ගිහින් නැවතුනේ තමන්ගේ පිට රදීෂ්ගේ පපුවේ හැප්පෙන විදිහට. ඔහුගේ අත තවමත් රැදුනේ ඇයගේ බාහුවෙයි. ඒ වගේම අනික් නිදහස් අත ඇයගේ උරහිස වටේ ගිහින් ඇයව වැටෙන්න නොදී තදින් අල්ලගන්න ගමන්. නුරායාගේ වගේම රදීෂ්ගේ ඇස් රැදුනේ ඔවුනොවුන්ගේ දෑස් අතර අතරමංවෙලා.. ඒ ඇස් හෙව්වේ මොනාද මන්දා ඔවුන්වත් නොදන්න ප්‍රශ්නෙකට උත්තර. මේ අතර තමයි කොහෙන්ද මන්දා ආව ජනිත්ගේ ඇස්වලට මේ දර්ශනය අහුවුණේ. ඔහුගේ තොල් අතර ඉබේම හිනාවක් ඇදුනේ මේ සිද්ධවෙන දේ ඔහු කලින්ම අනුමාන කරපු නිසා.

'එහෙනම් මේක තමයි මෙතන සිද්ධවෙන්නේ?!!! නුරායා අක්කායි, රදීෂ් සර්රුයි යාලුයි!! ඕ..... මයි ගෝඩ්! ඒක තමයි අද නුරායා අක්කා බුම්මගෙන හිටියේ. දෙන්නා මොනාටහරි තරහාවෙලා වෙන්නැති. මේවානේ වැඩ!! මාර සීන් නේ මේ ඔෆිස් එකේ වෙන්නේ ය කෝ.. ඒකත් මේ ඔක්කොම වෙන්නේ මගේ ඇස් පනාපිටනේ. මේක අරවින්දයාට නොකියාත් බැහැ , කියලත් බැහැ.. අරවින්දයත් නුරායා අක්කාට ලයින් පාරක් දානවා කියලමයි මට හිතෙන්නේ..' ජනිත් ඉක්මනින්ම එතනින් යන ගමන්ම තව දුරටත් කල්පනා කරන්න ගත්තා.

'හැබැයි ඉතිං... මම නම් කැමති රදීෂ් සර් එක්ක නුරායා අක්කා යාලුවෙනවට. ඒ දෙන්නාගේ මොකක්ද මන්දා එකක් තියෙනවා මට හිතාගන්න බැරි විදිහේ. හරියට දෙන්නට දෙන්නම අතරේ අමුතුම දෙයක්.. ඒ වුණත් ඉතිං.. අරවින්ද අයියා කියන්නේ මගේ යාලුවානේ.. මම එයාගේ ලව් එකටනේ හෙල්ප් කරන්න ඕනේ.. ඒත්.. අරවින්ද අයියායි, නුරායා අක්කායි ගැන නම් මට එහෙම හිතන්නවත් බැහැ....' ජනිත් දහ අතේ කල්පනා කරන්න ගත්තේ මේ සිද්ධවෙන දේවල්වලට තමන් මැදිහත් වෙන්නේ කොහොමද කියලා.

Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓Where stories live. Discover now