44

351 39 1
                                    

නුරායාගේ කැරලි කෙහෙරැලි සුළඟට ඇයගේ කොපුලත්වල ගැවසෙන අයුරු රදීෂ් බලාසිටියේ හරිම ආසාවෙන්. ඒ කෙහෙරැලි අල්ලන්නට සිත බොහෝවෙලාවට අකීකරුකම් පෑමට උත්සාහ කලත්, රදීෂ් ඔහුවම පාලනය කරගත්තා. අද ඇයව සාමාන්‍ය ඇඳුම්වලින් මෙසේ දකින්න ලැබීමෙන්ම ඔහු හිටියේ උද්‍යෝගයෙන්. ඩෙනිම් කලිසමකින් සහ ටීෂටයකින් සැරසී සිටී ඇය අද ඔහුට පෙනුනේ වෙනස්ම විදිහකට. ඔහුත් අද වෙනිදා වගේ නැතුව සාමාන්‍ය අයුරින් කලු ඩෙනිම් කලිසමකින්, සුදු ටීෂටකින් සැරසී හිටියත්, දුඹුරු පාට කෝට් එකක් ඊට උඩින් ඇඳගෙන හිටිය නිසා, ඔහු තුලින් වෙනිදා වගේම තරමක් රාජකාරී පෙනුමක්ම පෙනුනා කියලායි නුරායාට නම් සිතුනේ.

නුරායා නම් හිටියේ තදබල කල්පනාව. ඇය කොහොමටවත් ම හිතුවේ නැහැ සාගර මහතා ලොකු අම්මාට කතා කරලා මේ ගමන වෙනුවෙන්ම අවසර ගනියි කියලා. අනික තමයි ලොකු අම්මාත් අවසර දෙයි කියලා. නමුත් නුරායාගේ පඩි වැඩි කරන්නම් කියන වචන දෙක තුන නිසා, ලොකු අම්මාගේ හිත වෙනස් වෙන්න ගතවුණේ සුළු මොහොතයි.

ඒ වගේම සාගර මහතා කිව්ව අයුරින් නම් ඇයට නැවතත් මෙවැනි රාජකාරීමය ගමන් යාමට සිදුවනු ඇත. එවිට ලොකු අම්මාගේ කැමැත්ත අනිවාර්‍ය්‍යයෙන්ම ලැබිය යුතු බවත් සාගර මහතා අවධාරණය කලා.

නුරායා තනිවම කල්පනා කලේ සාගර මහතාගේ නැසීගිය වැඩිමහල් දියණිය පිලිබඳවත්, ලොකු අම්මා වැඩිවන පඩිය නිසා තමන්ට දින දෙකක්ම පිට යාමට ඉඩ දුන්නු කරුණ ගැනත්, තමන්ගේ මේ අසාමාන්‍ය බලය ගැන සාගර මහතාට සහ රදීෂ්ට පවසා තමන් කරගත්තේ මෝඩකමක් ද කියලත් විටෙක ඇයට සිතුනා.

"දැන් ග්ලාස් එක වහමු නේද? දූවිලිනේ.." රදීෂ් විමසුවේ අධිවේගී මාර්ගයේ ඉදිරියටම තමන්ගේ රථය ඇදී යද්දීයි. ඔහුට හිස වැනූ නුරායා වීදුරුව වසා දැමුවේ ඉදිරිය බලාගනිමින්. රදීෂ් රථයේ වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මක කෙරුවා.

මේ නම් ඇය සමග කතා කිරීමට අපූරු වෙලාවක් බව වැටහුනු නිසා රදීෂ් කතාවක් ආරම්භ කලේ ඇයගේ අවධානය තමා දෙසට අරගනිමින්.

"කවුද හිතුවේ අපේ තාත්තාගේ සෙක්‍රටිට සුපර් පවර් එකක් තියෙනවා කියලා? ඔයත් කෙලින්ම වොන්ඩර් වුමන් වගේනෙ දැන්" රදීෂ් දෙතොල් අතරට සිනාවක් නගාගන්න ගමන් එසේ පවසද්දී නුරායා ඔහු දෙස බැලුවේ ඔහු මොනාද මේ කියවන්නේ වගේ බැල්මකින්. "මේක පවර් එකක් නෙවේ සර්... මේක මට ලැබුණු සාපයක්" නුරායා තමන්ගේ අත් දෙකම දිහා බලන ගමන් කිව්වේ වේදනාවෙන්. ඔහු ඇය දෙස බලාසිටියේ ඇය නැවත කතා කරනකම්.

Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓Where stories live. Discover now