සඳට පෙම් බඳින්නම්... 🌙💝
81.⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡
"ඇහැරෙන්නැද්ද අද? හැපි නිව්'ය.." දෙනෙත් අරින්නට බැරි තරම්ම නිදිමත දෝරේ ගලද්දීත් තම දෑස් මතට දැනුනු සීතල දෙතොල් පහසත් එක්කම නුරායා කම්මැලිකමේම අනෙක් පස හැරිලා කෙඳිරියක් එක්කම නැවත වතාවක් නිදාගත්තේ හාදු ලබාදුන් පුද්ගලයාගේ දෙතොල් හිනාවකින් තෙමෙද්දී.
"නැගිටිනවා කම්මැලි කෙල්ල......" මෙවර සයනයෙහි නුරායා අසලින්ම ඉඳගත්, රදීෂ් සිනාසෙමින්ම නුරායාව නැවත තමා දෙසට හරවගත්තත් ඇය නම් තවම සිටියේ නිදිබරිතවයි.
"නැගිටින්න නූ... පරක්කු වෙයි නැත්නම් අපිට..." නුරායා තවමත් නිදිමතින් තමන්ගේ මූණ හංගද්දී රදීෂ් මෙවර නැවත වතාවක් ඇයව සිපගන්න ගමන්මයි පැවසුවේ.
"නිදි..ම..තයි.. අනේ..." මෙවර නුරායා තවත් ගුලිවෙලා නිදාගත්තේ රදීෂ්ගේ අතත් තම තුරුළට අරගෙනයි. "නූ.. මේ බලන්න මම රෙඩි වෙලත් ඉවරයි.." මෙවර නම් නුරායා එක් ඇහැක් පමණක් විවර කර ඔහු දෙස බැලුවේ ආලෝකය එක්ක දෑස් විවර කිරීමට අපහසු වෙද්දීයි.
"ඔය මොකක්ද ඔය ඇඳන් ඉන්නේ? වයිට් නෙවෙයි.. පින්ක් අදින්න තියෙන්නේ.." මෙවර නම් ඈ තම දෙනෙත් හොඳින්ම විවර කලේ රදීෂ් ඇදගෙන හිටියේ වැරදි ඇදුමක් නිසයි. "ගාණක් නෑ.. ඕවා බලන්න කවුරුත් නෑනේ.." මෙවර රදීෂ් එලෙස පැවසුවේ, තම ප්‍රියතම සුදු පැහැති කමිසය මාරු කිරීමට අකැමැත්තෙනි. "අනේ.. මේ... මම අයන් කරලත් එක්ක තිබ්බේ ෂර්ට් එක.. ඒක අඳින්..." නුරායා තවත් කියවන්නට උත්සාහ කලත් එය අතරමැද නැවතුනේ තම දෙතොල් මතට ලැබුණු මෘදු හාදුවකිනි.
"මෝනින් කිස්..!" යාන්තමට සිනාසෙමින් රදීෂ් එලෙස පවසද්දී, නුරායාගේ දෙතොල් මත ද ඇදුනේ සිනාවකි.
"තව එකක්.." රදීෂ් දෙසට තම දෙතොල් දිගුකරමින් නුරායා මෙවර සුරතල් හඩින් පැවසුවේ නැවතත් ඔහුව හිනස්සන ගමන්.
"පලවෙනි දවසේ බලන්න එපැයි කට කෙළ පෙරන් නිදන් ඉන්නවා කිව්වා කියලා මාවත් පෙරලන් දිව්වේ.. ඒකට දැන්.." නුරායාත් ඔහු සමගම සිනාසුනාත්, තවත් පමා නොවීම ඔහුගේ කමිසයේ කොලරයෙන් ඇදලා තමා වෙතට ඇදගත්තේ, "එහෙම තමයි" කියන ගමන්. තරමක් සරාඟී අයුරින් ඔහුගේ දෙතොල්වල අණසක තමා සතු කරගත් නුරායා රදීෂ්ගේ ගෙල වටා දෑත් යවා ඔහුව තවත් තමා වෙතටම ඇදගත්තා.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
قصص عامةඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]