46

408 40 0
                                    

"මොකක්ද මෙතන ප්‍රශ්නේ ආහ්? තමුන්ට මොකක්ද මගේ කෙල්ල එක්ක තියෙන කතාව!!?? ඕනේ එකක් මා එක්ක කතා කරගනින් බල්ලෝ....." ජනිත් මහ හඬින් කෑ ගැහුවේ තමන් ඉදිරියේ හිටිය තමන්ටත් වඩා උස දේහධාරී තරුණයාගේ දෑස් දිහා කෙලින්ම බලාගෙන.

මේ සිදුවන දේ තේරුම් ගැනීමට නම් මීට මිනිත්තු ගානකට ප්‍රථම සිදුවුණු සියලුම දේ ගැන අවධානය දිය යුතුයි.

වෙනිදට කලින්ම වැඩ අවසන් කරලා බෝඩිමට යන ජනිත් අද තරමක් පරක්කුවුණේ ඉවරකරන්න තිබුණු වැඩ කන්දරාව තිසර නිසා තව තවත් ගොඩගැහෙන්න ගත්ත නිසායි.

කොහොමවුණත් එදා දවසේ වැඩ ටික ඉවරකරලා ජනිත් සුපුරුදු පරිදිම තමන්ගේ මෝටර් බයිසිකලයට නැග ගත්තේ බෝඩිමට යාමට. සුලං කපාගෙන මෝටර් බයිසිකලය ඉදිරියට ධාවනය කරන අතරතුර ඔහුගේ මතකයට නැගුනේ තමන්ගේ සිත සොරකම් කල ඒ තරුණියගේ රුවයි. නැවත වතාවක් ඇයව දැකීමේ ආශාවක් ඉබේම සිතට නැගෙද්දී, ඔහු තනිව සිනාසෙමින්ම පාර දෙපැත්ත බැලුවේ අහම්බයකින් හෝ ඇයව දකින අටියෙනි. අඳුර වැටී තිබුණු මේ ආගන්තුක මාවතේ ඇයව කෙසේ නම් දකින්නද? ඔහු තමන්ටම සිනාසුනේ තමන් ඇය පිලිබදව උමතුවෙන් මෙන් සිතන බව පසක් වී.

'ජනියෝ... උඹට නම් පිස්සු.. ඔය පේන්නැද්ද.. අතන බස් හෝල්ට් එකෙත් ඒ කෙල්ල හිටියා වගේ පෙනුනා. මං හිතන්නේ උඹේ මොළේ හොද නැහැ..' ජනිත් තමන්ටම සිනාසෙන ගමන් බස් නැවතුම්පලක් පසුකරමින් ඉදිරියට මෝටර් බයිසිකලය පදවාගෙන ගියේ හිසත් දෙපසට වනලා තම මනස නිරවුල් කරගැනීමටත් එක්ක. නමුත් එක්වරම ඔහු රථයේ තිරිංග තද කලේ මහත් හඬක් නංවමින්.

ඇත්තෙන්ම ඇය නොවේද ඒ?

ඔව්! ඔහු ඒ දුටුවේ තම මනඃකල්පිත මවාගැනීමක් නොවේ!! ඒ නම් ඇයමයි. විසල් දෑස් එක්කම ජනිත් හොද හුස්මක් ගත්තේ තමන් දුටු දේ මතක්කරගන්නට උත්සාහ කරමින්. නමුත් ඔහු බස් නැවතුම්පල පසුකරමින් තරමක් දුර ඇවිත් අවසන්.

ඔව්.. නියත වශයෙන්ම ඒ ඇයයි.. නැවතත් රථය හරවාගත් ඔහු බස් නැවතුම්පල කරා මෝටර් බයිසිකලය පැදවූයේ බලාපොරොත්තු ගොන්නක් හිතේ තෙරපෙද්දීයි.

Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓Where stories live. Discover now