"නුරායා....! කෝ රදීෂ්? මේ මනුස්සයා මොන ලෝකේ ඉන්නවද මං දන්නේ නැහැනේ.. මේ වැඩ ඔක්කොම ටික අවුල්වෙලා තියෙන්නේ...!!" උදේ පාන්දරම සාගර මහතා නුරායාට කෑ ගහද්දී නුරායා ඉක්මනටම රදීෂ්ගේ කැබිනයට දුරකතන ඇමතුමක් ලබාදුන්නත් එයට කිසිවෙකු විසින් පිලිතුරු ලබාදුන්නේ නැහැ.
"හෙලෝ චාමර... රදීෂ් සර්ව මට කන්ටැක්ට් කරලා දෙන්න පුලුවන්ද?"
"රදීෂ් සර් නම් අද නිවාඩුනේ..."
"නිවාඩු??" පුදුමයෙන් එසේ ඇසුවත් නුරායා ඉක්මනටම සාගර මහතාට ඒ පිලිබදව දැනුම් දුන්නේ තවත් බැනුම් අහන්න සිද්ධවෙයි කියලා හිතලා.
"මොකක් නිවාඩු?? මේ මීහරකා!!! මෙච්චර වැඩ තියෙද්දී මූ නිවාඩු දැම්මේ අහවල් එකකටද? අර විරානි ඇඩ් එක ලොන්ජ් කරන්න තව තියෙන්නේ ටික දවසයි කියලා මූ හොදටම දන්නවා!! මූ ඒක දැන දැනත්!!! නුරායා..!!! තමුන් රදීෂ්ගේ තැන ඉදන් ඇඩ් එකේ වැඩ ටික බලාගන්න ඕනේ!! තේරුණාද? මොනාහරි අවුලක් වෙලා තිබුණොත් තමුසෙගේ රස්සාවත් ඉවරයි කියලා මතක තියාගන්නවා!!" සාගර මහතා නුරායාට කෑ ගහද්දී නුරායා කලේ "ඕකේ සර්" කියලා සාගර මහතාගේ කැබිනයෙන් පිටතට ඒම පමණයි.
'ඇත්තටමයි මේ සාගර සර් ට පුදුම මූලග්ගින්නක්නේ තියෙන්නේ.... ඇත්ත තමයි ඉතිං අර මගේ එලිසබෙතුත් නැට්ට පාගගෙන කොයිවෙලෙත් කෑ ගහන්නේ. තාත්තාලා පුතාලා ඉතිං ඔක්කොම එකයිනේ...' නුරායා තමන්ටම මුමුණගන්න ගමන් හයවෙනි මහල වෙතට පිවිසුනේ රදීෂ්ගේ කැබිනයේ තියෙන අත්‍යාවශ්‍ය ලිපිගොනුවක් ගැනීමටයි.
'ඒත්.. ඇයි අද නිවාඩු? මම කවදාවත් දැකලා නැහැනේ රදීෂ් සර් නිවාඩු ගන්නවා.. මොන දේ වුණත් වැඩට එනවනේ...' කල්පනා කරමින්ම කාර්‍යාලය දෙසට ඇදෙන කොරිඩෝව දිගේ ඉදිරියට යද්දී නුරායාට මුණගැසුනේ අරවින්දවයි.
"මොකෝ මේ උදේ පාන්දරම අපේ ෆ්ලෝ එක මතක්වෙලා?" අරවින්ද විමසුවේ සුහද සිනාවක් මුව රදවාගෙනයි. ඇයව දකිද්දීත් ඒ සිතට දැනුනේ සියුම් වේදනාවක්. නමුත් එක් පසෙකින් සිතට දැනුනේ යන්තම් පුංචි බලාපොරොත්තුවක්. රදීෂ් නුරායාට ප්‍රේම කරන බව දැනගත්තත්, නුරායා රදීෂ්ට ප්‍රේම කරනවාද යන්න තවමත් ගැටලුවකි.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
Ficção Geralඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]