15

457 46 2
                                    

"නැතුව ඉතිං සුලෝ... මට ප්ලේන් එකක් නැහැ තාම ඔයාව ගිහින් දාලා එන්න" රදීෂ් කිව්වේ විහිළුවෙන්මයි.

"අනේ... සර්... මම.. මෙහෙ ඉන්නම්..." නුරායා එහෙම කිව්වේ පණ බයෙන්.. රදීෂ් ඇය දිහා බැලුවේ තරමක් තරහෙන් කිව්වත් හරි.

"මොන විකාරයක් ද ලමයෝ මේ කරන්නේ? මේක ඇතුලට අකුණු ගහන්නේ නැහැ. දන්නවානේ ඒක ගැන.. බයවෙන්න එපා ඒ නිසා" රදීෂ් එහෙම කියලා නුරායාට කා එක ඇතුලට නගින්න කියලා සන් කලා.

"ඒත් සර්..." නුරායා නැවතවතාවක් අදිමදි කලේ, හදවත පිච්චෙනවා වගේ දැනුන බය නිසා. "ඒත් මේත් ගාන්න එපා සුලෝ... දැන් වෙලාව එකොලහයි පහයි.. දැන් ගෙදර යන්න ඕනේ ඔයා.." ඔහුත් එහෙම කියලා රියදුරු අසුනට නැග්ගේ, ඇයට ඔහු අසල ඉදිරිපස අසුනට නගින්න කියලා සන් අතින් සන් කරන ගමන්. ඇය රථයේ අනික් පසට ඇවිදගෙන ගියේ අදිමදි කරන ගමන්. මේ වගේ දේකට තමන්ට මුහුණ දෙන්න වෙයි කියලා ඇය කවදාවත්ම හිතුවේ නැහැ. "අනේ.. සර්... එහෙනම්.. අපි ටිකක් මෙහෙම ඉදලා වැස්ස පායපුවාම යමුද?" නුරායා නැවත වතාවක් රදීෂ්ගෙන් එහෙම ඇහුවේ ඔහු බනියි කියලා බයෙනුත් එක්ක. රදීෂ් තමන්ගේ බෙල්ල හරවලා ඇය දිහා බැලුවේ තරමක් තදින් යමක් කියන්න වුණත්, ඇයගේ බියෙන් පිරුණු දෑස් දැක්කට පස්සේ ඔහු නිහඬවුණා.

"හරි එහෙනම්" අවසානයේ ඇයට එකඟවනවා හැර වෙන විකල්පයක් ඔහුට තිබුණේ නැහැ. මෝටර් රථයේ ඇතුලේ විදුලි බල්බය ඔහු දැල්වූ නිසා, ඔහුට වගේම ඇයට පැහැදිලිව ඔවුනොවුන්ව හොදින්ම දර්ශනය වුණා. ඒ වගේම රදීෂ් සහ නුරායා නොදත් දෙයක් තමයි, ඔවුන් දිහා තවත් නෙත් යුගලයක් හොරෙන් ම බලන් හිටියා කියන එක.

නුරායාගේ දණහිස තරමට කොට සාය ඇය වාඩිවී ඉද්දී තවත් කොට වුණා කියලා ඔහුට පෙනුනා. ඒත් එය නැවත පවසා ඇයව අපහසුවට පත් කිරීමට මෙය හොද වෙලාවක් නෙවේ කියලා ඔහුට තේරුණ නිසා, ඔහු කිසිත් නොපවසා සිටියා.

"සුලෝ... මම දෙයක් අහන්න ද?" රදීෂ් දොඩමලු වීමට උත්සාහ දැරුවේ මේ පැයක විතර කාලය තුල සිද්ධවුණ දේවල් නිසා ඔහුගේ සිතට නැගුන දහසක් ප්‍රශ්න නිසයි.

"කියන්න සර්.." නුරායා ඔහු දිහා යටහත් පහත් ලෙස බලා කිව්වේ, ඇත්තටම ප්‍රශ්නවලට පිලිතුරු දීමට තිබුණු මහා කැමැත්තකින් නෙවේ.

Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓Where stories live. Discover now