38

462 36 1
                                    

මධූ අපහසුවෙන් නැගිට්ටේ රදීෂ්ගේ වගේම නුරායාගේ පෙරැත්ත නිසා.

ඒත් ඇය තම අසුනින් නැගිට්ට ගමන්ම ඇඳගෙන වැටුනේ නැගිටගන්නවත් සිරුරේ ශක්තියක් නොතිබුණු නිසා.

ඒත් මධූ බිමට නම් වැටුනේ නැහැ. මධූ වැටුනේ කාගෙදෝ මන්දා ශක්තිමත් දෑතක් මතට.

රදීෂ් ඇයව තමන්ගේ ශක්තිමත් දෑත්වලින් අල්ලගත්තේ බොහොම පරිස්සමට.

"සුලෝ.. ගිහින් මගේ කා එකේ යතුර ගේන්න. කැබින් එකේ තියෙනවා.." රදීෂ් ඉක්මනින්ම එහෙම කියද්දී නුරායා දුවගෙන ගියේ රදීෂ්ගේ කැබින් එකට.

"මම මධූ අක්කාව හොස්පිටල් එක්කගෙන යනවා.. ඔයාලා වැඩ කරන්න.." රදීෂ් එහෙම කියද්දී මෙච්චරවෙලා හිටගෙන එහෙන් මෙහෙන් බෙලි දාන් ඕපදූපේ බල බල හිටිය කට්ටියම තම තමන්ගේ මේසවල වාඩිවුණත් ඇස් තිබ්බේ මේ සිද්ධවෙන සිද්ධියේ. "මෙන්න සර්.." නුරායා යතුර ගෙනත් රදීෂ්ට දෙන්න හදද්දී ඇය වෙතට එල්ලවුණේ රදීෂ්ගේ තරහින් පිරුණු ඇස්.

"මොකටද ඕක දැන් මට දික් කරන්නේ? අරගෙන එන්න යන්න පහලට!!" රදීෂ් එහෙම කෑ ගහද්දීම අඩ සිහියේ හිටිය මධූ සහමුලින්ම සිහිසුන්ව ඔහුගේ අත්වලට බරවුණා.

"කෝ.. ඉක්මන් කරන්න ලිෆ්ට් එක ගන්න" රදීෂ් එහෙම කියලා මධූව දෑතට ඔසවගත්තේ කලබලයෙන්. නුරායා ඉක්මනින්ම ක්‍රියාත්මක වුණේ විදුලි සෝපානය අසලට දුවගෙන යන ගමන්.

"මමත් එන්නම්.." සමාධිත් රදීෂ් පසුපසින්ම ආවේ කලබලයෙන් මධූගේ බෑගය අරගෙන.

"එතනට මුලු ඔෆිස් එකම අරගෙන යන්න ද මට කියන්නේ? ඔයා ගිහින් වැඩ කරන්න සමාධි. නැත්නම් ඔයාටත් සනීප නැත්නම් ගෙදර යන්න.. මම නිවාඩු ඇපෲ කරන්නම්.." රදීෂ් සැරෙන් එහෙම කිව්වේ විදුලි සෝපානය එනකම් මධූව ඔසවගෙන ඉන්න ගමන්. නුරායා සමාධි දිහා බැලුවේ නැත්තේ ඇය තමා ඉදිරියේ අපහසුවට පත්වෙනවා කියලා දන්න නිසා. "එහෙනම්.. මෙන්න නුරායා මේක ගන්න.. මධූ අක්කාගේ බෑග් එක" සමාධි තමන්ගේ හැඟීම්වල වෙනසක් නොපෙන්වා ඉන්න පුලුවන් තරම් උත්සාහ කරන ගමන්ම නුරායා අතින් මධූගේ බෑගය තැබුවා. නුරායා තමන්ගේ ජංගම දුරකතනය සහ, රදීෂ්ගේ කාරයේ යතුර එක් අතකට ගෙන අනික් අතින් මධූගේ බෑගය අරගත්තා.

Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓Where stories live. Discover now