සඳට පෙම් බඳින්නම්... 🌙💝
74.⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡
"දැන් අද මෙහෙ තනියම ඉන්න පුළුවන්ද?" රදීෂ් විමසුවේ කාමරයට ඔලුව දාලා නුරායා දිහා බලන ගමන්. මේ වනවිට ඔවුන් දෙදෙනාම එකතුවී සන්ද්‍යාවේ පැවැත්වුණු සාදය නිසා හැඩිවී තිබුණු නිවස අස්කර දමා තිබුණා. නුරායා ඇඳ රෙදි පිළිවෙලකට හදමින් හිටියේ එය දිනයේ තම අවසන් රාජකාරිය වූ නිසයි.
නමුත් රදීෂ්ගේ වදන්වලට ඇය තරමක් තැතිගත්තේ, පෙරදි ඔහු සඳහන් කළ ආකාරයට සැබැවින්ම මේ නිවස තුළ අයෙක් සියදිවි නසාගෙන තිබෙනවාදැයි සිතට නැගි සැකය නිසයි. නමුත් කිසිවක් නොපවසාම නුරායා ඇඳ පිළිවෙලකට හදන්න අරගත්තේ, යටි සිත සහ උඩු සිත අතර ගැටුමකට මැදිවෙමින්.
'නුරෝ.... විකාර කරන්නේ නැතුව රදීෂ්ට අද ඉන්න කියනවා!! අදට විතරක් හරි!! මේ මිනිස්සු මැරිච්ච ගෙවල්වල තනි පංගලමේ ඉන්නේ කොහොමද මේ මහ රෑ? ඒකත් මේ පලවෙනි දවසෙම?'
'මෝඩ වෙන්න එපා නුරෝ... රදීෂ් මනුස්සයෙක් මැරිච්ච ගෙයක් සල්ලිවලට ගනියි කියලා හිතනවද? එයාගේ බොරුනේ මේ.. ඔයාව බයකරන්න අලි බේගලයක් ඔය ඇදබෑවේ. එහෙම කවුරුත් මැරිලා නැතුව ඇති'
'හදිසියේවත් මැරිලා හිටියොත්?'
'හිටියොත් ඉතිං... ඉදියි'
'ඉදියි කියන්නේ...? මේ යටි හිතට පිස්සු නුරායා.. ඔයා මං කියන එක අහන්න.. හදිසියෙවත් හොල්මනක් ආවොත්... රදීෂ් ඉන්න එක හොඳයි.. හොල්මනක් හිටියේ නැත්නම් ඉතිං ඒත් අවුලක් නැහැනේ... අවධානමට වඩා සූදානම හොඳයිනේ'
'හරි ඉතිං... එයා ඉන්නද කියලා ඇහුවොත් හා කියන්න. වෙන මොනා කරන්නද?' අවසන යටි සිතත් තම පරාජය භාරගත්තා.
නුරායා තනිවම හිස සැලුවේ තම යටි සිතෙහි සහ උඩු සිතෙහි යුද්ධය නිමා කළ ඇය තම උඩු සිතෙහි තීරණය පිලිගන්නා ගමන්.
"අ... ඔයාගේ අකැමැත්තක් නැත්නම්... මම අද මෙහෙ ඉන්නද? අ... ඔයත් තනියම ඉන්න පලවෙනි දවසනේ..." රදීෂ් වචන ගලපමින් නුරායාගෙන් අවසර පැතුවේ, කොයි මොහොතේ හෝ ගුටි කන්න වෙයිද කියලා හරි හැටි නොදැනයි. නමුත් ඔහු දිහා බලපු ඇය කිසිත් නොකියාම ඔහුට එකඟ වෙමින්ම හිස සැලුවා. රදීෂ් එක්වරම තරමක පුදුමයකට පත්වූයේ, ඔහු සිතුවේ ඇයගේ කැමැත්ත ලබාගැනීමට නම් දෙතුන් වතාවක්වත් ඇවටිලි කරන්නට සිදුවන බවයි. අනික, එයිනුත් ඇය කැමති වේයැයි ඔහු නම් කිසිසේත්ම සිතුවේ නැත.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
Genel Kurguඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]