95

375 31 1
                                    

සඳට පෙම් බඳින්නම්... 🌙💝
95.

⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡

අරවින්දගේ නිවසේ අන් කවරදාකටත් වඩා මහා ජනකායක් එක්රැස්ව සිටිය අතර, ඒ අතරින් බොහෝමයක් අරවින්දගේ මිතුරන් විය. සුදු කොඩි යොදා මඟ සරසා තිබූ පටු මාර්ගය සහ නිවෙස වෙනිදාට වඩා සංවර බවක් ගත්තා.

කයිසරයේ මිතුරන් කීපදෙනෙක්ම සමඟ ජනිත් අරවින්දගේ නිවස තුළට ඇතුළු වූයේ සුදු ඇඳුමින් සැරසීගෙනයි.

"ආරංචිය ලැබුණු ගමන්ම වගේ ආවේ අරවින්ද.. අනික් කට්ටියත් දවල් වෙද්දී එයි.." අයෙක් එලෙස පවසද්දී අරවින්ද හිස සලා ආචාර කර ඔහුව පිළිගත්තේ,  ඊට වැඩි යමක් කිරීමට ශක්තියක් නොමැතිවයි. ඒ දෙනෙත් බොහෝසෙයින් රත් පැහැති වී තිබුණේ හැඬීම නිසයි.

"අයියේ... ඔෆිස් එකේ හැමදේම මම බලාගත්තා.. ඒ ගැන කිසිම දෙයක් හිතන්න එපා හොඳද.. හැමදේම හොඳින්..." ජනිත් අරවින්දට එලෙස පැවසුවෙන් අරවින්ද හිස සලා ඔහුගේ උරහිසට තට්ටුවක් දැම්මේ තරමක සැනසීමෙනි.

අරවින්දගේ ප්‍රතිචාරයත් සමඟ ජනිත්ගේ දෑස් හෙව්වේ ඇයවයි. පෙර දින තම තුරුළේ සිට කඳුළු හෙළූ ඇයවයි. ඔහුගේ දෙනෙත් එහෙ මෙහෙ දුවන අයුරු වටහාගත් අරවින්ද යාන්තමට සිනාසී හිසෙන් නිවසෙහි මුල්ලකට වී කල්පනා සයුරක ගිලී සිටින තම නැගණියව ජනිත් හට පෙන්වූවා. ඔහු අරවින්දට හිස සලා හෙමින් සීරුවේ නිවස තුළට පා තැබුවේ ඇයට නොදැනී ඇයට සමීප වන්නට සිතුනු නිසයි. නමුත් ඔහුගේ පා හඩ ඇසෙද්දීම සේපාලිකා හිස ඔසවා එක්වරම ජනිත් දෙස බැලුවේ ඔහුව පුදුම කරවමිනි. මේ තරම් වේලාවක් ඒ මුහුණේ තිබූ හිස් බව නැතිවී එක්වරම හැඟීම් වෙනස්වන්නට ගත වූයේ මොහොතකි.

ඇයගේ සොහොයුරාගේ දෙනෙත් මෙන්ම රත් පැහැ ගැන්වී තිබුණු ඇයගේ දෙනෙත්වලට කඳුළු ඉනීමට එතරම් වේලාවක් ගත නොවුනි. ඉඳගෙන සිටී තැනින් නැගී සිටී සේපාලිකා ජනිත් වෙතට ඇවිදගෙන ආවේ මුතුවන්ව දිලිසුණු කඳුළු බිඳු ද සමඟිනුයි. සිහින් හඩකින් ඉකි බිඳි ඈ ඔහු අසලටම ගොස් ඔහුගේ උරහිසට හිස බරකරත්තේ ජනිත් විසල් වූ දෙනෙත්වලින් ඈ දෙස බලද්දීයි.

"අනේ අයි...යේ.. අම්...මා.. අම්මා..ව බලන්න...කෝ... අනේ...." ඈ සිහින් කෙඳිරිලි හඩින් එලෙස පවසා පෙන්වූයේ නිවස මධ්‍යයේ නිසලව සිටින තම මවගේ දේහයයි. ජනිත් ද ඒ දෙසට නෙතු යොමු කළෙන් ඔහුගේ සිතට ද දැනුනේ මහා හිස්කමකි.සේපාලිකාගේ ඉකි ගැසීම තව තවත් වැඩි වද්දී ඇය තව තවත් තම හිස ඔහුගේ උරට තද කරන්නට විය. ජනිත් හෙමින් සීරුවේ ඇයගේ හිස පිරිමදින්නට ගත්තේ ඇයව සනසවන අටියෙනි. නමුත් ඇයගේ හැඬීමෙහි නම් අඩුවක් වූයේ නැත. ඒ සමඟිනුයි ජනිත්ගේ දෙනෙත් මරණ ගෙදර සිටින අනික් වැඩිමහළු පුද්ගලයන් වෙත ඇදී ගියේ. සියලු දෙනාම පාහේ ඔවුන් දෙදෙනා දෙස බලා සිටියේ නම් එතරම් සුභ බැල්මකින් නොවේ.

Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓Where stories live. Discover now