සඳට පෙම් බඳින්නම්... 🌙💝
69.⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡
"මොනාද බං කල්පනා කරන්නේ?" අරවින්ද විමසුවේ කවදාවත් නැතුව ජනිත් උදේ පාන්දරම බර කල්පනාවක හිටිය නිසා. නමුත් ජනිත්ට නම් එය ඇසුනු බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. ජනිත් හිටියේ පෙරදින සිදුවුණු දේවල් පිලිබදව කල්පනා කරමින්. පෙරදිනයේදී ඈව හමුවූ හැටි, ඇය අරවින්දගේ නැගණිය බව දැනගත් හැටි ඔහුට අතිශයින්ම පුදුමයක් වූවා. මේ තරම් කල් අරවින්ද තම නැගණියන් ගැන කියද්දී ඔවුන්ට විහිළු කල අයුරු ජනිත්ට මතක්වුණා. අන්තිමේ දී ඔහු විහිළු කර තිබුණේ තම සිත ගිය තරුණියටමයි.
"පිස්සු ද යකෝ? ඔය අපේ ලොකු... මගේ ලොකු නංගි!!" ජනිත්ට පෙරදින හවස මතක්වුණේ ඉබේටමයි.
"මොකක් කිව්වා??" ජනිත් මවිතයෙන් අරවින්ද දෙස බැලුවේ ඒ වදන් විශ්වාස කරන්නට නොහැකිවයි.
"උඹ ඔය කියන්නේ අර අතන ඉන්න අර දම්පාට ලොකුමල් වැටිච්ච සුදු දිග ගවුම ඇඳගෙන ඉන්න කෙල්ල ගැන නම්, ඒ මගේ නංගි සේපාලිකා! මගේ ලොකු.. උඹ අර පැය විසිහතරම දෙහි කපන්නේ.. ආන්න.. ඒකි!" අරවින්ද ජනිත් දිහා බලමින් එහෙම කිව්වත් ඔහු තවමත් හිටියේ අදහාගත නොහැකි පුදුමයකින්.
"ඉදපන් ගිහින් කතා කරමු. මෙතන මොකද කරන්නේ කියලා.. මම දන්න විදිහට දැන් ඉන්න ඕනේ ක්ලාස් එකෙ.."
"අනේ එපා බං.. අපි යමුකෝ... ඕන්නෑ..." ජනිත් එලෙස පැවසුවේ අරවින්ද දිහා අසරණ විදිහට බලන ගමන්. මේ මොහොතේ ඇයව හමුවීමට නම් ඔහුගේ හිත ඉඩදුන්නේ නැහැ. පපුව අමුතුම අයුරකින් ගැහෙනවා වගේ දැනෙද්දී ජනිත්ට අවශ්‍යවුණේ ඉක්මනින්ම මේ අවස්ථාවෙන් පැන යන්න. පැන ගිහින් සන්සුන් වන්න. ඉන්පසු අයව හමුවීමටයි. මේ තරම් පුදුමයක් විඳි මොහොතෙම ඇයව හමුවීමට ඔහු සූදානම් වූයේ නැහැ.
"අනේ මේ.. කෝලන් නොකර හිටහන් බං.. උඹට එපා කිව්වට මට හම්බවෙන්න ඕනේ.. මේ වෙලාවේ පාරේ ඉන්න කිසිම හේතුවක් නැහැනේ.. වෙලාව කීයද බලහන්.. හතරාමාරයි. මේ වෙලාවට මොනාද මෙතන කරන්නේ... ඇත්තමයි ලොකූට මං දැන් දෙනවා එකක්.. මං කියන මෙලෝ දෙයක් අහන්නේ නැතුවට.." අරවින්ද බැන බැන ම යතුරුපැදිය නැවත වතාවක් පණගන්වාගෙන එය පදවාගෙන ගියේ, සේපාලිකා හිටිය බස් නැවතුම්පළට. ඇය සිටියේ තදබල කල්පනාවක. වේගයෙන් යතුරුපැදිය පදවාගෙන ගියපු අරවින්ද එය නතර කලේ, ඇයගේ ඇඟටම කර ඇයව බිය ගන්වමින්.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
Fiksi Umumඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]