09

487 45 2
                                    

උදෑසන රාජකාරි ඔක්කොම නිමකරපු නුරායා ඉක්මනින්ම තමන්ගේ කෑම එකත් අරගෙන ගියේ හයවෙනි මහලට. ඒ තමන්ගේ මිතුරු සංගමය මුණගැහෙන්න. "මධූ අක්කා ගියා දැන් ටිකකට කලින්. එයායි නිමේෂ් අයියායි එලියෙන්ම කෑම අරගෙන එහෙම්මම ඩොක්‍ටර්ව මුණගැහෙන්න යනවා කිව්වා" සමාධි කිව්වේ නහයේ සොටු උඩට අදින ගමන්. "අනේ.. එයාලාට හොද ආරංචියක් අහන්න ලැබුනොත් හොදයි අනේ.." නුරායා එහෙම කිව්වේ ඇත්තටම හදවතින්ම ඒ සුභ ආරංචිය අහන්න ඇයට වුවමනා වුණ නිසයි. "ඒක නෙවේ.. ඔයාට ගොඩක් අමාරුද? කටහඬත් එක්ක වෙනස්වෙලා.. ඔයාත් බෙහෙත් ගන්න ගියොත් හොද නැද්ද සමාධි?" තමන්ගේ මිතුරියගේ අපහසුතාවය තේරුම්ගත්ත නුරායා ඇහුවේ ඇය දෙස අවධානයෙන් බලන ගමන්. "අනේ.. තව වැඩ ටිකක් තියෙනවා නුරායා.. ඒකත් ඉවරකලාම හරි. හෙටත් නිවාඩුනේ.." සමාධි කිව්වේ අන්තිම වචන ටික කියලා තමන්ගේ රෝසපාට ලේන්සුවට හචිමක් අරින ගමන්.

"හෝ... හෝ... මොකද මේ.. චුරු චුරුව? අපෝ... හෙම්බ හදන් නේ?" ඔවුන් දෙදෙනා කතා කර කර ඉන්න අතරේ සෙල්ලක්කාර ලෙස සිනාසෙමින් ජනිත් ආවේ, සමාධිගේ කොන්ඩේනුත් අදින ගමන්.

"කන්න ය ම න් අක්කේ.. මට බඩගිනියි... කෝ අර ප්‍රේම කුමාරයා?" ඔහු ඒ වගේ විවිධ නම් වලින් ඇමතුවේ අරවින්ද හටයි.

"අරවින්ද කැන්ටිමට එන්නම් කිව්වා, අපිට යන්න කිව්වා.." සමාධි කිව්වේ හරිම අමාරුවෙන් උගුර අල්ලගෙන.

"ඔයාට ගොඩක් අමාරුයි වගේ සමාධි" නුරායා ආයෙත් කිව්වේ සමාධිගේ අතකිනුත් අල්ලගෙන. ග්ලවුස් දාගෙන හිටිය නිසා ඇයගේ අත ඒ තරම්ම හොඳින් නොදැනුනත් සිහින් රස්නයක් තිබුණ බව නම් දැනුනා.

"හරි හරි.., මුලින්ම කාලා ඉමුකෝ.. ඊටපස්සේ බලමු මේවා.. ඒක නෙවේ නුරායා අක්කේ.." ජනිත් නුරායා දිහාට හැරුනේ ඔවුන් තිදෙනාම විදුලි සෝපානය දිහාට යද්දී.

"අපි තුන්වෙනි එලිසෙබෙත්ටත් අපි එක්ක කන්න එන්න කියමුද?" ජනිත් එහෙම ඇහුවේ තමන්ගේ ෂර්ලොක් හෝම්ස් උපාය ක්‍රියාත්මක කරන ගමන්. ඕ...හ් තුන්වෙනි එලිසෙබෙත් කියන්නේ වෙන කාටවත් නෙවේ රදීෂ් හසරන්ද විජේසිංහටයි. ඒ ඇයි කියලා නම් දන්නේ ජනිත් ම තමයි. ඔහුට වුවමනා වුණේ ඇයගේ ප්‍රතිචාර දකින්නට වුවත්, ඊට ප්‍රථම සමාධි කතා කලා. "අනේ.. ඔව්.. රදීෂ් සර් නම් හරියට වෙලාවට කන්නෙත් නැහැ වගේ.. පව් අනේ..." සමාධි එහෙම කියද්දීම විදුලි සෝපානයේ දොරටුව විවරවුණා. ඔවුන් තෙවන මහල වෙත ලගාවෙද්දීම ඔවුන් ඉදිරියේ හිටියේ අරවින්ද.

Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓Where stories live. Discover now