"තාම ඔයා මා එක්ක තරහ ද සුලෝ..." නුරායා රදීෂ්ව මගාරින්න අරගෙන තෙවෙනි දිනයේ අහම්බෙන් වගේ විදුලි සෝපානයේ රදීෂ් සහ නුරායා තනිවෙද්දී රදීෂ් කෙලින්ම ඇයගෙන් එහෙම විමසුවේ ඇය තවමත් ඔහු සමඟ කතා නොකර හිටිය නිසා.
"අනේ නැහැ සර්.. මම මොකටද සර් එක්ක තරහා වෙන්නේ? එහෙම තරහාවෙන්න හේතුවක් තිබුණත්, තරහාවෙන්න බැහැනේ.. මම මෙතන සේවකයෙක් විතරයිනේ.." නුරායා ඔහු දිහා බලන්න ඔලුව උස්සන්නෙවත් නැතුව එහෙම කිව්වේ ඉවත බලමින්. 'හහ්! තරහද ත් අහනවා. මම මගේ තරමටනේ ඉන්නේ. එතකොට අහනවා තරහ ද කියලා. පොඩ්ඩක් හොයලා බැලුවාම කියනවා තරමට ඉන්නලු. එයාට මොකද මම තරහාවුණත්, නැතත්' නුරායාගේ යටි හිත එහෙම කියද්දී, කිසිම තර්ක කිරීමක් නැතුව උඩු හිතත් එයම අනුමත කලා.
'අනේ සුලෝ.., ඔයා... ඇත්තටම මා එක්ක තරහාවෙලානේ... මම මොනා කලාටද?' රදීෂ් එහෙම හිතුවේ තමන් ලගින් ම හිටිය ඇය දිහා බලන ගමන්. ඇය ඔහුට වඩා මිටි නිසා ඔහුට පෙනුනේ ඇයගේ එකට එකතුකර බැදලා තිබුණ කැරලි කොන්ඩය විතරයි.
අන්තිමේ විදුලි සෝපානය සේන්දුවුණේ හයවෙනි මහලටයි. ඒ ඔහු ඉන් පිටතට යා යුතු මොහොතයි. දොරටුව විවෘත වුණත් තරමක් වෙලා ඔහු තවමත් විදුලි සෝපානය තුල හිටියේ ඇය හා කතා කල යුතුයි කියලා හිත ඇතුලෙන්ම මොර ගාලා කිව්ව නිසා. ඔහු විදුලි සෝපානයෙන් පිටතට යනකම් නොඉවසිල්ලෙන් හිටිය නුරායා යන්තම් හැරී ඔහු දිහා බැලුවේ 'යන්නේ නැද්ද?' කියලා අහන්න බැරිකමට වගේ. අන්තිමේ දැඩි තීරණයක් ගත්ත රදීෂ්, ග්ලවුස් එකකින් ආවරණය වෙලා තිබුණ නුරායාගේ අතකින් බලෙන්ම අල්ලගෙන ඇයවත් බලෙන්ම ඇදගෙන විදුලි සෝපානයෙන් එලියට බැස්සේ, නුරායා පුදුමයෙන් කටත් ඇරගෙන ඔහු දිහා බලන් ඉද්දී.
ඒ කාර්‍යාලයේ සේවකයන් නිතර එහෙ මෙහෙ යන වෙලාවක් නොවුනේ ඔවුන්ට බරටම තමන්ගේ පරිගණකයන්හි වැඩ වැඩිවෙද්දී. අන්න ඒ නිසයි නුරායාගේ අත තමන්ගේ අතෙහි පටලන්, හයවෙනි මහල සහ හත්වෙනි මහල යා කරන පාළු තරප්පු පේලිය දිහාට යන රදීෂ්ව කාටවත් නොපෙනුනේ.
"සර්.. ඔයා මොනාද මේ කරන්නේ?" රදීෂ්ගේ අතින් තමන්ගේ අත මුදවාගන්න හදන ගමන්ම නුරායා කලබලයෙන් එහෙම ඇහුවත් රදීෂ් නෙවේ නුරායාට උත්තර දෙන්න නැවතුනේ.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
Художественная прозаඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]