"මොකද මධූ අක්කේ මේ මූණ.. ඔයා දුකින් ද?" සමාධි ඇහුවේ මධූ දිහා බලලා. වෙනිදට සඳුදා උදේට වෙන කවුරු සතුටින් හිටියේ නැතත් මධූ කාර්යාලයට ආවේ අනික් අයව මුණගැහෙන්න තිබුණ සතුටට. "මුකුත් නැහැ සමාධි.. මහන්සියට වෙන්න ඇති.." මධූ එහෙම කිව්වේ තමන්ගේ වේදනාව හංග ගන්න උත්සාහ කරන ගමන්. "අක්කේ.. අපි අදුරන්නේ මාස එකාමාරක් වගේ වෙන්නැති.. ඒත් ඔයා ඉන්නේ අවුලක කියලා මට දැක්කාම කියන්න පුලුවන්" සමාධි කිව්වේ මධූ දිහා අවධානයෙන් බලන ගමන්. "නැහැ අනේ.. ඔයාට දැන් හොදයි ද?" මධූ සමාධිගේ සුවදුක් සොයා බැලීමට අමතක කලේ නැහැ. "ඔව් ඔව්.., බෙහෙත් ගත්තා. දැන් හොදයි ටිකක්.. තාම ඉතිං චුරු චුරුව තියෙනවා පොඩ්ඩක්" සමාධි හිනාවුණේ මධූ දිහා බලලා වුණත් මධූ තමන් කියන දේ අහගෙනවත් නෙවේ ඉන්නේ කියලා ඇයට පෙනුනා.
"මධූ අක්කේ!!! මොකද වුණේ කියන්නකෝ දෙයියනේ.... මම ඔයාව කන්නේ නැහැ!!" සමාධි අද උදේම හිටියේ ඇත්තටම සතුටින්. මොකද ඉතිං උදේ පාන්දරම තමන්ගේ ගුඩ් මෝනින් කීමට රදීෂ්ගෙන් සිනාමුසු ප්රතිචාරයක් ඇයට ලැබුනා. "අනේ... සමාධි..." මධූ කතා කරද්දීම හැඬුම් ආව නිසා, සමාධි කලබල වුණා. "එන්න එන්න.. අපි වොෂ් රූම් එකට ගිහින් කතා කරගමු.." මධූ හොඳටම අඬන්න ගත්ත නිසා සමාධි එහෙම කියාගෙනම මධූවත් ඇඳගෙන යන්න ගියේ හයවෙනි මහලේ වැසිකිලි තිබුණ දිහාට.
"හායි ගර්ල්ස්..., ගුඩ් මෝ........" ඒ ගමන්ම හයවෙනි මහලට ආව නුරායාත් සිනාමුසු මුහුණින්ම ඔවුන් දෙදෙනාව පිලිගත්තා. ඇයගේ තොල් අතර රැදී තිබුණු සතුටු හිනාවත් එක්ක බිමට නවාගත් මූණ එක්ක අඬන මධූගේ කඳුලු ඇයට පෙනුනේ නැහැ. "ඔයා වැඩකට ද ආවේ මේ ෆ්ලෝ එකට නූරී?" සමාධි ඇයගේ නම කෙටි කලේ එහෙමයි. "ඕ.. මේ.. රදීෂ් සර්...ට මේක.. දෙන්න ඕනේ..." නුරායාගේ තොල් අතරින් ඔහුගේ නම පිටවුණේ පුංචි වෙව්ලීමකුත් එක්කයි. නුරායා දැක්කා සමාධිට පිටුපසින් තරමක් ඈතින් ඔවුන් දෙසට එන ඔහුව. "කමක් නැහැ ඕක පස්සේ පුලුවන්.. දැන් එන්න මා එක්ක" නුරායාගේ අතින් ඇදගෙන ඇය යන්න හදද්දී නුරායා, "ඒත්.. මේ.. සර්.. ඉන්නවා මෙතන..." එහෙම කිව්වේ ඇයගේ අතේ රැදුනු තද කහ පැහැති ලිපිගොනුව ඔහු දෙසට දිගුකරන ගමන්. ඔහුත් ඇයව දුටුවා. ඒත් සමාධි ඇයව ඇඳගෙන ගියේ ඇයට වචනයක්වත් කියන්නට ඉඩ නොදෙන ගමන්.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
Aktuelle Literaturඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]