"ගතවුණු දවස් ගානෙම ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් ඔයාලා හැමෝම ගොඩක් කැපවුණා කියලා මම දන්නවා.. මේ මීටින් එක තියන්නේ ඔක්කොම රිපෝට්ස් ටික බලන්න තමයි.. ඒත් මේක මම නෙවේ බලන්නේ.. විරානි ප්‍රොජෙක්ට් එක මම රදීෂ්ට බාර කරනවා.. ඒ වගේම තමයි නුරායා" සාගර මහතා එලෙස පවසද්දී, ප්‍රධාන මේසයෙන් තරමක් ඈතට වන්නට වෙනම අසුනක රැස්වීමේ තොරතුරු වාර්තා සටහන් කරමින් හිටිය නුරායා ගැස්සිලා ගියා.
"සර්?" ඇයගේ දෙතොල් අතරින් ප්‍රශ්නාර්ථයක් පිටවුණේ සාගර මහතා මේ කියන්න යන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව.
"මේ ප්‍රොජෙක්ට් එක රදීෂ්ගේ වගේම නුරායාගේ යටතේ සිද්ධවෙයි. ඕල් ඔෆ් යූ ගායිස් මස්ට් ගිව් යුවර් හන්ඩ්‍රඩ් පසන්ට් ෆෝ දිස්! (ඔයාලා ඔයාලාගේ සීයට සීයක්ම මේ වෙනුවෙන් දෙන්න ඕනේ) අයි කාන්ට් බී සෙකන්ඩ් ටු විරානීස්! (මට විරානිලාට සෙකන්ඩ් වෙන්න බැහැ) නුරායා ඇන්ඩ් රදීෂ්! හෝප් යූ ටූ කැන් හැන්ඩ්ල් දිස් වන්! (හිතනවා ඔය දෙන්නට මේක හැන්ඩ්ල් කරන්න පුලුවන් කියලා) ගුඩ් ලක්!"
"ඒත්.. මිස් නුරායාට මොකටද මේක දෙන්නේ?" රැස්වීම් ශාලාවේ හිටිය කිසිම කෙනෙක් කතා කරන්නට සූදානම් නොවෙද්දී රදීෂ් විමසුවේ තරමක් නොරිස්සුම් හඬකින්. නුරායා ඔහු දෙස බැලුවේ පුදුමයෙන්. මෙතන ඉන්න ඕනේ කෙනෙක් මේකට විරුද්ධවෙන්න පුලුවන්.. ඒත්.. රදීෂ්? රදීෂ් මොකටද මේකට විරුද්ධවෙන්නේ? නුරායා ඔහු දිහා බලලා කල්පනා කලේ ඔහුගේ මේ හැසිරීම හිතාගන්න බැරුව.
"මට ඕනේ කෙනෙක්ට මම ප්‍රොජෙක්ට් එක භාරදෙනවා!! මම තමයි මේ කම්පැණි එකේ සීඊඕ.. තමුන්ට මගේ තීරණ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතනින් එලියට බහින්න පුලුවන්..! මගේ තීරණය තමයි අන්තිම තීරණය!" සාගර මහතා රැස්වීම් ශාලාවෙන් පිටවුණේ නුරායාව රදීෂ්ව විතරක් නෙවේ මුලු රැස්වීම් ශාලාවම පුදුම කරවන ගමන්.
"මිස් නුරායා, ඔයත් එන්න මේ ටේබල් එකට" අවසානයේ, රදීෂ් රැස්වීම් ශාලාවේ නිහඬ බව බිදලා නුරායාට තමන් අසලම තිබුණ අසුන පෙන්නුවා. අවසානයේ හැමෝම තරමක් සන්සුන්වෙලා රැස්වීම් ආරම්භ කරන්න සූදානම් වුණා.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
Ficção Geralඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]