සඳට පෙම් බඳින්නම්... 🌙💝
78.⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡
"ඔයා ඔහොම ඉන්න අද මං උයන්නම්" රදීෂ්ගේ තුරුළේම මොහොතක් ගත කල නුරායාගේ සවන්පත්වලට ඇසුණු ඒ වදන් ඇයට විශ්වාස කිරීමට පවා නොහැකිවූවා. එනිසයි නුරායා ඔහුගේ තුරුළින් ඉවත් වී රදීෂ් දෙස තරමක් පුදුමයෙන් බැලුවේ.
"ඔයාට උයන්නත් පුළුවන් ද?" නුරායා එලෙස විමසද්දී රදීෂ්ගේ දෙතොල් අතරට ඉබේම සිනාවක් පැමිණි අතර, දිදුලන දෙනෙත් සමගම ඔහු කඩවසම් සිනාවකින් ඇයට සංග්‍රහ කලා.
"පොඩ්ඩක් එහෙන් මෙහෙන් මොනාහරි කරගන්න පුළුවන්.." තරමක් ලැජ්ජාවෙන් වගේ රදීෂ් එහෙම කිව්වත්, නුරායාගෙන් නම් සැනින් එල්ලවුණේ තදබල විරුද්දවීමකි.
"අනේ.... මම උයන්නම්.. ඔයා පැත්තකට වෙලා ඉන්න.. නැත්නම් අර නිමේෂ් අයියා වගේ මොනාහරි විසවෙන එකක් හදලා නවත්තයි.. අන්තිමේ මටත් මධු අක්කාට වගේ හොස්පිටල් නවතින්නේ වෙන්නේ ඔව්වා කාලා" රදීෂ්ගේ වත අදුරු වී ගියේ ඒ වදන්වලට.
"අනේ.. මේ.. නිමේෂ් අයියාට වඩා දෙයක් නම් මට කරන්න පුළුවන් හරිද? ඉන්නකෝ මම හදනකම්.. නූඩ්ලස් හදන්නම්..? මට ඒවා රසට හදන්න පුළුවන්.." රදීෂ් මුළුතැන්ගෙට ගියේ නුරායා තමන් ඉදගෙන සිටී සෝෆාවේ සිටම හිස හරවා ඔහු දෙස බලද්දී.
"මොකද කියන්නේ?" රදීෂ් මුළුතැන්ගෙයිහි කබඩයක් විවර කර නූඩ්ලස් පැකට් අතට ගනිමින්ම විමසුවේ නුරායා දෙස බලමින්. එය විවෘත මුළුතැන්ගෙයක් වූ බැවින් ඔහුට ඇයවත්, ඇයට ඔහුවත් පැහැදිලිව ම පෙනුනා.
"හරි හදන්නකෝ.. කෝකටත් කියලා මම මධු අක්කාටත් කෝල් එකක් දාන්නම්.." නුරායා සෝෆාවේ තිබුණු රදීෂ්ගේ දුරකතනය ගෙන සන් කර විමසුවේ එය බාවිතා කරන්නද කියායි. ඒ සැනින් ඔහුගෙන් ලැබුණේ හිස සැලීමක්
"හෙලෝ.. කියන්න රදීෂ් මල්ලි.. හවස දීපු ෆයිල්වල මොනාහරි අවුලක් ද?" නුරායාට ඇමතීමටවත් ඉඩක් නොතබමින් මධුමිතා විමසුවේ, තරමක් බියෙන් වගෙයි. ඉන් පැහැදිලිවන්නේ නිසැකයෙන්ම ඔහුගේ ඇමතුමක් යනු, බැනුම් ඇසීමට සිදුවීමක් බව ඇය දන්නා බවයි.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
General Fictionඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]