64

356 33 1
                                    

"මට නම් හිතාගන්න බැහැ ජනිත් ක්ලබ් එකක බර්ත්ඩේ පාටි එක ගන්නවා කියලා.." නිමේෂ් එසේ පැවසුවේ රථයේ සිටී යුවතියන් තිදෙනාටම ඇසෙන පරිදියි.

"ඒකනේ අයියේ... මූ මටවත් කිව්වේ නෑනේ අන්තිම මොහොත වෙනකන්... මොකද දන්නේ නැහැ එකපාරටම පාටි දෙන්න හිතිලා තියෙන්නේ.. කෙල්ලෙක්වත් සෙට් වෙලාද මන්දා?" නිරාශා කටර් එක වගේ කියවගෙන කියවගෙන යද්දී නිමේෂ් රථයේ ඉදිරිපස ඇති කැඩපතෙන් ඇය දිහා බැලුවේ මධූ සමගිනුත් හිනාවෙන ගමන්. "කටර් එක වගේනේ.. මං බැලුවා ජනිත්ගේ නංගි කෙනෙක් ද කියලා.." සිනාසෙමින්ම ඔහු එසේ පවසද්දී ලාබාල යුවතිය යන්තමින් ලැජ්ජවුණා.

"ඇයි නිශා ඔයා දන්නේ නැද්ද ජනිත්ට කෙල්ලෙක්ට හිත ගිහින් කියලා..?" මධු විමසුවේ ඇය එය නොදැන සිටීම පිලිබදව දැනුනු පුදුමය මුසු කුතුහලයෙන්. "ඈහ්? මං දන්නේ නැහැනේ.. කොහෙද ඉතිං මම කම්පැනි එකට ආවත් හරි ජනිතා එක්ක කතා කරන්නවත් බැරිවුණානේ මේ අරවින්ද සර් එක්ක එහෙ මෙහෙ ඇවිදින්න සෙට් වුණානේ..." ඇය චෝදනාත්මක මුඛයෙන් එසේ පවසද්දී රථය තුල සිටී සියලුම දෙනා සිනාසුනා. ඉන්පස්සේ ජනිත්ට හිත ගිහින් තිබුණ තරුණිය පිලිබදව වගේම, ඒ පිලිබදව දන්න සියලුම විස්තර ඈට පැවසීමට මධූ අමතක නොකලේ, මිතුරන් කණ්ඩායමෙන් ඇය පමණක් එය නොදැන සිටී නිසයි.

"මොකද නුරායා ගොඩ වෙලාවක ඉදන් සද්ද නැත්තේ? ඔයා හිතන්නේ ඔය ඇඳුම ගැන නම්.. ඕක ලස්සනයි අනේ... අපි යන්නේ ක්ලබ් එකකට! පන්සලකට නෙවේ!! ඒ නිසා අවුලක් නැහැ!" මධූ එලෙස කීවත් නුරායාට නම් තමන්ගේ ඇඳුම පිලිබඳව දැනුනේ තරමක් අපහසුවක්. නමුත් මධුමිතාගේ බල කිරීමට එය ඇඳීමට ඈ තීරණය කලා.

රථය රාත්‍රී සමාජශාලාව ඉදිරියෙන් නැවතෙද්දී නිමේෂ් තරුණියන් තිදෙනාවත් රැගෙන රථයෙන් පිටතට බැස්සේ, දෑස් එහෙ මෙහෙ යවමින් ඔවුන් තිදෙනාව පරිස්සම් කරමින්. සෑමදාම වගේ අදත් තරුණියන්ගේ වගකීම පැවරී තිබුණේ ඔහුටයි. ඔවුන් සිව්දෙනාම සමාජශාලාවට ඇතුළුවුණේ නිමේෂ් තරුණියන් තිදෙනා පිටුපසින්ම ඇතුලුවෙද්දී.

"ඒක නෙවේ මධූ අක්කේ.. අයියා බැන්නේ නැද්ද කොන්ඩේ කැපුවා කියලා?" නුරායා ඇතුලට යන ගමන්ම විමසුවේ මධූගේ කනට කරලා. ඇත්තෙන්ම අද තරුණියන් තිදෙනාම තරමක් වෙනස් වුණා. මධූ තමන්ගේ පිට මැදට වන්නට තිබුණු කොන්ඩය උරහිස තෙක්ම කෙටි කලේ, අද දින තම සොහොයුරිය වූ දිව්‍යාගේ රූපලාවන්‍යාගාරය වෙතට ගිය අවස්ථාවේදී. නුරායාත් යන්තමට කොන්ඩයේ අගිස් කපා එය මනාවට කැරලි පෙනෙන අයුරින් හැඩගන්වා හිටියා. නිරාශා නම් ඒ තරම්ම වෙනසක් නොකලත් ඈ හුරුබුහුටි අයුරින් තම වරලස හැඩගන්වා ගැනීමට අමතක නොකලා.

Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓Where stories live. Discover now