99

672 27 6
                                    

සඳට පෙම් බඳින්නම්... 🌙💝
99.

⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡

දෙනෙත්වලට දැනුනේ බර ගතියකි. නමුත් දෙනෙත් විවර කළ යුතුමය. ඔහුට කුමක් සිදු වූවාදැයි දැනගත යුතුය.

"අනේ.. මගේ පණ..." නුරායාගේ දෙනෙත්වලින් කඳුළු වැගිරුණේ තම ගතෙන් දැනෙන අසාමාන්‍ය වේදනාවට වඩා ඔහු ගැන සිහිවීම නිසාවෙනි.

"දී...ඊ....ෂ්... මගේ.. මැ..ණි....ඉක...." සිහින්ව දෙතොල් අතරින් මිමිණෙද්දී කෙතරම් අපහසුවෙන් වුවත් ඇය තම දෙනෙත් විවර කරන්නට වෙර යෙදුවේ ඔහුව දැකීමේ අරමුණිනි.

"නූ.. නූර්.. මගේ මැණික..." ඔහුගේ හඩ සිහිනෙන් මෙන් අමතද්දී නුරායා සිරුරෙහි වූ සියලුම ශක්තිය තම ඇස් පියන් තටු වලට යෙදුවා.

දෙනෙත් සෙමෙන් සෙමෙන් විවර වද්දී, සුදු පැහැති ආලෝකයෙන් දෙනෙත් නිලංකාර වන්නට වුවත්, ඈ උත්සාහය අත්නොහැරම දෙනෙත් විවර කළේ, අඩවන් දෙනෙත්වලට බොඳ වී මෙන් ඔහුව පෙනුණු නිසායි.

"රදී....ෂ්.." ඇයගේ දෙතොල් මුමුණද්දීම සුපුරුදු උණුසුමක තම අත්ලක් පටලැවෙනවා දැනෙද්දීයි ඇයට සැනසීමක් දැනුනේ.

"මං ඉන්නවා මැණික.. මං ඉන්නවා නූ..." ඔහු මිමිණුවේ අසිහියෙන් මෙනි.

නුරායාගේ බොඳ වුණු දෑස්වල පෙනීම නැවත ලැබෙද්දී ඈ දුටුවේ රෝහල් රෝගීන් අඳිනා ඇඳුමින් සැරසී තමා අසලම සිටිනා රදීෂ්වයි. "අනේ.. ඔයාට... ඔයාට මුකුත් වුණේ නෑ නේද.. අනේ රදීෂ්..." නුරායා නැගිටීමට උත්සාහ කළත් එය සිතූ තරම් පහසු වූයේ නැත.

ඒ සමඟින්ම කුටියෙහි දොරටුව විවර කරගෙන හෙදියක් ඇතුළට ආවෙන් රදීෂ් නුරායාගෙන් තරමක් ඈත්වන්නට හැදුවත් ඇය නෙවේ බිඳක්වත් ඔහුගෙන් ඈත්වූයේ.

"ආ.. ඔයාගේ වයිෆ් ඇහැරිලා වගේ..." හෙදිය රදීෂ් සමග සිනාසෙමින් එලෙස පැවසුවෙන් රදීෂ් ද මූණත් රතු කරන්ම ඈ හා සිනාසුණා. නුරායාට සිහිය නැති වේලාවේ තමා කළ පෙරළිය දන්නේ ඉතිං රෝහල් කාර්ය මණ්ඩලය පමණි.

නමුත් නුරායාගේ වතෙහි නම් ඇදුනේ විසල් කෝපයකි.

"ඔව් ඔව් ඇහැරිලා ඉන්නේ.. තව ටිකක් වෙලා නිදන් හිටියා නම් ආස ඇති කට්ටිය" හෙදියට රවා නුරායා එලෙස පවසද්දී රදීෂ්ගේ දෙතොල් මතින් සිනාවක් පැන්නේ ඉබේටමය. හෙදිය ද සිනාසෙමින්ම තම කාර්යයන් නිහඩවම ඉටු කළේ නුරායාගේ ඊර්ෂ්‍යාව වටහා ගෙනයි.

Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓Where stories live. Discover now