සඳට පෙම් බඳින්නම්... 🌙💝
65.⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡
"සීතලයි නේද? ජැකට් එක දෙන්නද?" ඔහු එලෙස විමසුවත්, ඈ දෑතට හිස සැලුවේ අවශ්‍ය නැති බව අඟවන්න.
සිහිල් සුළං රැළි ගතෙහි දැවටෙද්දී ඈ විල් ජලය දිහාම බලාගෙන කල්පනා කරන්නට ගත්තේ මීට හෝරාවකට පමණ ආසන්න කාලයේ සිදුවුණු දේවල්. ඒ සියල්ලම ඇය එකමත් එක කාලෙක, එකමත් එක දවසක, සමහරවිට පමණයි සිදුවිය හැකිවෙයි කියලා සිහින මවපු දේවල්. නමුත් දැන් අවසානයේදී ඇයගේ පැතුම සඵල වුණා. ඔහු තමන් දෙසම බලා සිටින බව දැනුනත්, ඈ නැවත වතාවක් ගතවුණු අඩහෝරාවම සිහිපත් කලේ, ඒ දේවල් ඇත්තටම සිදුවුණාද කියලා සිතමින්.
"ඇ..ඇයි.. සර්.. එහෙම.. කියන්..නේ..? මම ඔයාගේ කවුද? ඇයි ඔයාට මොනාද වෙන්නේ මට මොනාහරි වුණොත්?" ඇය එලෙස ප්‍රශ්න කරද්දී, තව දුරටත් තම සිතැඟි සිරකොට තබාගෙන සිටීමට නම් ඔහුට නොහැකිවුණා. තව තවත් ඈව ආදරයෙන් තමාට තුරුළු කරගත් ඔහු අවසානයේ තම හදවතේ තෙරපුණ ඒ හැඟුමන් ඇයට හෙළි කලා.
"මොකද මම ඔයාට ආදරේ නිසා!"
ඔහුගේ පපු තුරුළේ සිටි ඇයගේ දෙනෙත් විසල්වූයේ පුදුමයෙන්මයි. ඈ මෙතෙක් කල් ඔහුගේ මුවින් ඇසීමට බලාගෙන සිටී ඒ වදන් ඇත්තෙන්ම ඇසෙද්දී මේ තරම්ම හැඟුම් ගණනාවක් දැනෙයි කියලා ඈ කොහොමටවත් ම හිතුවේ නැහැ. මුළු ඇඟම හිරිගඩු පිපී ගියේ ඒ වචන ඇහෙද්දීයි. ඔහුගේ දෙතොල් මත නම් ඇඳී තිබුණේ සතුට මෙන්ම ජයග්‍රහණය මුසු සිනාවක්. ඇයව තමන්ගේ සිරුරෙන් ඉවත්කල ඔහු, ඒ කොපුල් තම දෑත්වලින්ම අල්ලගත්තේ දෙතොලතර විහිදුනු හිනාව එක්කම ඈ දිහා බලන ගමන්. ඒ දෙනෙත්වල තවමත් පිරී තිබුණු කඳුලු කැට ඔහු සියුම්ව පිසදැම්මේ ආදරණීය හිනාවක් ඒ මුව කොනෙහි රදවාගනිමින්.
"ඇත්තමයි මේ කියන්නේ... මම ඔයාට ආදරෙයි ගොඩක්.." ඒ කොපුලක් ආදරණීයව පිරිමදිමින් එලෙස ඔහු තම හැඟුමන් හෙළි කරද්දී ඇය ඔහු දෙසම බලා සිටියේ කරන්නට ඕනේ මොනාද? නොකරන්න ඕනේ මොනාද? කියලා කිසිදු අවබෝධයකින් තොරවයි.
එක්වරම ඔහුගේ දෙතොල් මත ඇඳුනේ ඈ දුටු සුන්දරතම සිනාවයි. ඔහු ඇයගේ නළලත සිපගත්තේ සිනාව පිරුණු ආදරයෙන්මයි. ඉන් නොනැවතුනු රදීෂ්, ඒ කොපුල් යුගලයන් මෙන්ම, දෑස් සිපගත්තේ උණුසුම් ආදරයකින්. අවසානයේ ඇයගේ නාසාග්රයට තැබුව ආදර හාදුවෙන් පසුව ඔහුගේ දෙනෙත් ඇයගේ ලවන්පත් යුගල මතට යොමුවුණත් නැවත වතාවක් පෙර පරිදිම සිනාසුනු ඔහු, ඇයව තමාට තුරුළු කරගත්තේ, සතුටින් සිනාසෙමින්.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
Ficción Generalඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]