සඳට පෙම් බඳින්නම්... 🌙💝
97.⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡
කාලය ගත ව ගියේ සිතුවාටත් වඩා වේගයෙනි. අරවින්දගේ මෑණියන්ගේ මරණින් මාසයක් පමණ ගත වද්දී සේපාලිකා තව තවත් හුදෙකලා වීම ප්රිය කලේ අරවින්දගේ සිත නම් වේදනාවෙන් පුරවමින්. එය ඔහුගේ රුවින් ද පෙන්නුම් කරන්නට ගෙන තිබුණි. පෙරදී රැවුල්, කොන්ඩ පිළිවෙලට කපා සිටී අරවින්ද නොවේ දැන් සිටින්නේ
"අයියේ..." නිරාශා සිහින් හඩින් ඇමතුවේ අරවින්දවයි. නමුත් ෆයිල් ගොන්නක් පරීක්ෂා කරමින් සිටී ඔහුට නම් ඇයව ඇසුනේ නැති තරම්. එනිසයි නිරාශා තම දුරකතනයත් රැගෙන ඔවුන්ගේ රහස් කොරිඩෝව කරා ගමන් කලේ.
මොහොතකින් අරවින්දගේ ජංගම දුරකතනයට පැමිණියේ ඇමතුමකි. අංකය පරීක්ෂා නොකරම ඔහු ඊට පිළිතුරු ලබාදුන්නේ එතරම් ඕනේ කමකින් නොවේ.
"හෙලෝ..."
"අයියේ... චුට්ටක් එන්නකෝ" නිරාශාගේ සිහින් හඩ ඇසෙද්දීයි අරවින්ද පියවි සිහියට පැමිණියේ. ඔහු හොර බැල්මක් කාර්යාලය වටාම යැව්වේ කිසිවෙක් හෝ තමන් දෙස බලා සිටිනවාදැ යි දැන ගැනීමටය.
"මොනාද සුදූ කියවන්නේ? දැන් ඔයා මෙතන නේ හිටියේ.." අරවින්ද විමසුවේ හැකි තරම් හඩ බාල කරය.
"මම ඔතන හිටියට ඔයා ඔතන නෙවේනේ හිටියේ ෆයිල් ගොඩක් ඇතුලෙනේ. එන්නකෝ කිව්වාම අනේ... මට ඔයාව ඕනේ.." නිරාශා නැළවිලි හඩින් පවසද්දී අරවින්දගේ වත රතුවී ගියේ ක්ෂණිකයෙනි.
"හරි එන්නම්.. කෑ ගහන්න එපා.. කාටහරි ඇහෙයි.." යාන්තමට මිමිණූ ඔහු දුරකතනය විසන්ධි කළේ නැවත වතාවක් හොර ගල් අහුලමිනි.
"නිදිමතයි වගේ.. කෝෆි එකක් බීලා ආවා නම් හරි..." සිහින් හඩින් මුමුණා එතනින් ගැලවී යාමට අරවින්ද හැදුවත් එක්වරම ඇසුනේ ජනිත්ගේ හඩයි. "ඒ.. මටත් ඕනේ වගේ. මාත් එනවා.." ජනිත් ද අසුනින් නැගිට්ටත් අරවින්දගෙන් ඔහුට ලැබුනේ තියුණු රැවීමකි.
"උඹ හිටපන්. ඩබල් දාලා කෝපි බොන්න යන්න මොකද ගෑනියි මිනිහයි ද?. මං ආවාම උඹ පලයන්.. මේක ඔෆිස් එකක්.. උඹ වැඩ කරපන් මං එනකම්.." අරවින්ද ඉක්මනින්ම එතනින් ඉවත් යද්දී ජනිත් ඔහු දෙස බලා සිටියේ මුව අයාගෙනයි. "මූ යකෝ.. වරෙන්කෝ ඊලගපාර උඹ ලොකූව බලාගන්න කියන්.. කියලා දෙන්න මං තොට" ජනිත් කුනු කුනු ගාමින් පරිඝනකයේ ලිපිගොනුවක් පිලියෙල කරන්න ගත්තේ කෝපයෙනි.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
Ficción Generalඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]