53

303 37 0
                                    

"හෙලෝ නුරායා මට අර ෆයිල් එක ගෙනත් දෙන්නකෝ අබේතිස්සගේ. ඔයා ලගට එව්වා කියලා කිව්වා" රදීෂ් දුරකතනයෙහි රිසීවරය සවන්පතට තබාගෙන ඇයගෙන් පිලිතුරක් ලැබෙන තෙක් බලාසිටියා. නමුත් එක්වරම ඇමතුම විසන්ධි වූයේ යන්තමින් "හරි සර්" යන ඇයගේ වදනින්. සුසුමක් හෙලු රදීෂ් දුරකතන රිසීවරය රැහැන් සහිත දුරකතනය මතින් තැබුවේ කම්මුල්වලට හුලං පුරවගෙන හුරතල් විදිහට කල්පනා කරමිනි.

'අනේ මගේ නූ මැණික.. මොකද මට මෙහෙම කරන්නේ...? දවස් දෙකක් ම මා එක්ක කතා කලේ නැහැ හරියට.. එදා හැමෝම ඉස්සරහා ගොඩක් රණ්දෙනිය ලැජ්ජ කලා කියලා මම දන්නවා.. ජනිත් වගේම මධූ අක්කා මට ලොකු විස්තරයක් දුන්නා ඒ ගැන.. ඒත් ඉතිං... මම මොනා කරන්නද රත්තරං? මට කරන්න පුලුවන් දෙයක් නැහැ කියලා ඔයා දන්නවා.. ඕන්නම් රණ්දෙනියට ඉලඇටයක් කැඩෙනකම්, දතක් බඩට යනකම් එකක් දෙන්න පුලුවන්.. ඒත්... ඊටවඩා දෙයක් ඌට කරන්න මට බැහැ කියලා ඔයා දන්නවා.. ඔයා දන්නවා තාත්තා වුණත් මගේ පැත්ත ගන්නේ නැහැ කියලා..' ඇඟිලි තුඩු දෙකකින් තමන්ගේ නළල පිරිමදින ගමන්ම රදීෂ් කල්පනා කලේ ඇය ගැන.

එවිටම ඔහුගේ කැබිනයේ දොරටුවට ලැබුනේ නොසැලකිලිමත් තට්ටුවකි.

"එන්න..." රදීෂ් තම අසුනේ නිවැරදිව කොන්ද කෙලින් කරගෙන ඉදගන්නා ගමන්ම පැවසුවේ ඒ නම් නුරායා යැයි සිතායි.

"සර්, මේ ෆයිල් එක නුරායා මිස් දෙන්න කිව්වා.." පියන් වජිර එහෙම කියද්දී රතු කරගත්ත මූණ එක්ක රදීෂ් දෑස්වලින් වජිරට අණ කලේ තමන්ගේ මේසය මතින් එය තබන ලෙසයි.

"ඇයි දැන් මේ..?"
"මම මොකක්ද කරපු වැරැද්ද?"

වජිර ගිය පසු, ඔහු ඇයගේ ජංගම දුරකතනයට කෙටි පණිවියක් යැව්වත් ඊට පිලිතුරු නම් ලැබුනේ නැත.

සුසුමක් හෙලූ රදීෂ් තම ජංගම දුරකතනයද හඬ නගමින්ම මේසය මතින් තැබුවා. ඉන්පස්සේ අත් දෙකම උඩට ඔසවාගෙන තම හිස පිටුපසින් තබාගෙන අසුනට හිස බර ගත්තේ දෑස් පියාගනිමින්.

නුරායා සහ තමන් අතර ඇතිව පවතින මේ හදවතේ සම්බන්ධය පිලිබදව ඔහුගේ හදවතට දැනෙන්නේ අමුතුම අමුතු හැඟුමන්ය. ඒවා වචනයෙන් විස්තර කල නොහැකියි. කොයි තරම් නම් තරුණියන් ඔහුගේ ජිවිතයේ හිද තිබුණත්, නුරායා එහෙමත් නැත්නම් ඔහුගේ නූර් තරම් මේ තරමටම ඔහුගේ හදවතට දැනෙන තරම් ආදරයක් ඇති කිරීමට ඒ කිසිම යුවතියකට නොහැකිවුණේ මන්දැයි ඔහු නොදනී. නුරායාගේ විශේෂත්වය කුමක්ද?

Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓Where stories live. Discover now