10

493 42 7
                                    

"අද ඕ.ටී. ද නුරායා අක්කා?" ජනිත් එහෙම ඇහුවේ අරවින්දගෙන්.

"මොන ඕ.ටී. ද බං? අපි දැන් කරලා ඉවරකලෙත් ඕ.ටී. තමයි" අරවින්ද කිව්වේ තමන්ගේ කලු පැහැති මෝටර් බයිසිකල් ජැකට් එක දාගන්න ගමන්. "ආ...හ් ඔව්නේ... මේ දවස්වල නම් මොලේ හොද නැහැ.. දැන් මොකටද මෙච්චර රෑ වෙනකම් ඉන්නේ? යන්නේ කොහොමද එයා?" ජනිත් ඇහුවේ අරවින්ද මෝටර් බයිසිකලයේ අසුන් ගනිද්දීයි.

"මං දන්නැහැ බං.. මම නුරායාට කෝල් කලත් ගත්තේ නැති පාර උඩට ගිහින් බලද්දී එයා හොඳටම වැඩ. මමත් ඕකම ඇහුවාම කිව්වේ අවුලක් නැහැ කියලා.. වෙනිදට බස් එකේනේ යන්නේ.. දැන් අද කොහොමද යන්නේ කියලා මට හිතාගන්න බැහැ. අන්තිමේ මම කිව්වා රෑ වුණොත් මට කෝල් එකක් දෙන්න මම ගෙදර ගිහින් දාන්නම් කියලා" අරවින්ද කිව්වේ නුරායා ගැන තමන්ගේ හිතට දැනුනු වදවීමත් එක්කමයි. "හ්ම්ම්.. රදීෂ් සර්ත් ඉන්නවා නේහ් අද?" ජනිත් ඇහුවේ අරවින්ද දිහා බලන ගමන්.

"හ්ම්ම්.. රදීෂ් සර් නම් හැමදාම රෑ වෙනකම් වැඩනේ.. ඒ වුණාට ඉතිං නුරායා කියන්නේ රදීෂ් සර්ගේ කවුරුත් නෙවේනේ. එයා ම.. මම කියන්නේ.. අපේ යාලුවෙක්නේ.. හරි හරි නැ ග ප න් දැන් යන්න" විදුලි සෝපානයේ තමන් දැක්ක දේ අරවින්දට කියන්නට ජනිත්ට සිතුනත්, හදිසියේම නුරායා ගැන කතා කරද්දී අරවින්දගේ දෙනෙත්වල ඇඳුන අමුතු දීප්තිය අදුරගන්න ජනිත්ට වැඩිවෙලාවක් ගියේ නැහැ.

'මොන කරුමයක් ද ය කෝ මේ? හැම ම ඟු ල ම මටම පේන්නේ ඇයි!!?' අරවින්දගේ මෝටර් සයිකලයට නගින ගමන් ජනිත් හිතුවේ ඉදිරියට වෙන්නට යන සිදුවීම් මොන වගේ වෙයිද කියලා හිතන ගමන්.

"ඒක නෙවේ අරවින්දයා..., මේක මම බෝඩිමට යනකම් තියෙයි නේද?" ජනිත් ඇහුවේ අරවින්දගේ අබලන් මෝටර් සයිකලය ගැන.

"මේක තියෙනවා බං.. දැන් අවුරුදු කීයක් ද මේකට!! උ ඹ ට මේ මටත් වඩා මේක විශ්වාස කරන්න පුලුවන්. මේක අපේ තාත්තාගේ. තාත්තා ලගින් ඉන්නවා වගේ දැනෙන්නේ මේක එක්ක ගමන් යද්දී. දවසක මං ආදරේ කරන කෙල්ලවත් මේකේ දාගෙන යන්න ඕනේ.. ඒක තමයි මගේ හීනේ.. එතකම් මේක අබලන් වුණත්.., මොනාවුණත් මම මේක පදින එක පදිනවා.." අරවින්ද කිව්වේ මෝටර් සයිකලයේ බද එක අතකින් ආදරයෙන් අල්ලන ගමන්.

Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓Where stories live. Discover now