සඳට පෙම් බඳින්නම්... 🌙💝
88.⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡
මීළඟ දිනය අන්කවරදාකටත් කලින් උදා වූවාදැයි නුරායාට සිතුනේ නින්දක් නොලද දෑස්වලින් ඔහු දෙස බලා සිටිද්දීයි. තම තුරුළට වී කුඩා දරුවෙක් මෙන් නිදාසිටින රදීෂ් කොයි මොහොතේ හෝ තමාගෙන් වෙන් වේ යැ යි අනියත බියක් සිත තුළ හොල්මන් කිරීමට පටන්ගත්තේ මේ 'රොමේන්' යන නාමය කන වැකුණු දින පටන්ය.
රොමේන්!
නුරායාගේ නින්දත් හොරකම් කිරීමට පුළුවන් ආකාරයේ අමුතුම ශක්තියක් ඒ අකුරු තුනට තිබුණා යැයි නුරායාට ඉබේම සිතුනි. සුසුමක් හෙළූ නුරායා එක්වරම නැවත වතාවක් අවධානය ලබාදුන්නේ රදීෂ් වෙතටයි. යාන්තමට ඇරුණු රෝස පැහැති දෙතොල්, තදින්ම පියවුණු ඇස් පියන්, රිද්මයානූකූල ආශ්වාස ප්‍රාශ්වාස කිරීම් ඔහු සුව නින්දක බවට සාක්ෂි දැරුවා. තද නින්දක සිටී ඔහුගේ අතක් නුරායාගේ බද වටා එතී තිබුණු අතර, ඇයව මොහොතකටවත් තමාගෙන් වෙන් කිරීමට ඒ හිතට අවැසි නොවූවා. නුරායා තම අතැඟිලි ඔහුගේ උවන පුරා ගෙන ගියේ අරමුණකින් තොරවයි.
ඔහු කෙතරම් කඩවසම් ද? කෙතරම් මිල මුදල් තියෙන කෙනෙක්ද..? තමා වැනි තරුණියක් ට ඇයි ඔහු ප්‍රේම කිරීමට පෙළඹුණේ?
'මගේ ඇති ලස්සනකුත් නෑ, සල්ලිත් නෑ.. ඉතිං... මං වගේ කෙනෙක්ම ඇයි?' එලෙස අසන්නට ඕනේ වුණත්, නුරායා ඔහු දෙසම බලාගෙන තම සිතින්ම ඒ පැනයන් විමසුවේ, රදීෂ්ගේ දෙතොලතර තම ඇඟිලිතුඩු ගෙනයමින්. නමුත් එක්වරම නුරායාගේ ඇඟිලිතුඩු රදීෂ්ගේ දසන්වලට තදවුණේ ඈ තිගැස්සී විසල් කරගත් දෙනෙත්වලින්ම හිස ඔසවා ඔහු දෙස බලද්දී.
"ආව්වා.." ඉබේම නුරායාගේ මුවින් පිටවුණේ, තම අතැඟිලි රදීෂ්ගේ දසන්වලට් තදවුණු වේදනාවටයි.
තවමත් ඒ දෙනෙත් වැසී තිබුණු අතර, ඇයගේ බඳ වටා එතී තිබුණු අතෙහි ග්‍රහණය නම් තරමක් වැඩි විය.
"මොකද මගේ නෝනට නිදාගන්නේත් නැතුව මං දිහා බලන් ඉන්න තරමට මං ගැන ආදරේ වැඩිවෙලාද?" තවමත් වසාගත් දෑස් සමගින්මයි රදීෂ් විමසුවේ, නුරායාගේ අතැඟිලි අතර හාදුවක් හිරකරමින්මයි.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
General Fictionඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]