එකදාස් නවසිය කී වෙනිදෝ වතාවට තව ඩින්ගෙන් බාල්දිය ළිං පතුළේ.අර මෝඩයා ඇත්තටම ගියානේ තනියෙන් කරගනිම් කියලා. බාල්දිය පැත්තකින් තියලා ළිං ගැට්ටට අත තියාන මං ළිං පතුලට එබුනා. අස්ස කළුවරයි. බලාගෙන ඉන්ඩ ඉන්ඩ ජල කඳ අස්සට යනවා වාගේ.මී මුත්තාගේ කාලේ ඉඳන් තියෙන එකක්නේ.ගමේ උන් බොරුවට කියනවා අපේ පවුලේ දැරිවියක් මේකට පැනලා මැරුණා කියලා.එහෙම උනා නම් පාවිච්චි කරන්න ගන්නවයැ.
අම්මෝ! කොහොමද එකපාර මළ හොල්මන ඇවිදින් මාව පතුලට ඇදගෙන ගියොත්.
මං ලිඳෙන් ඈතට වෙලා පිළිකන්න පැත්තෙ වනල තිව්න අප්පච්චිගෙ සරමක් දවට ගත්තා.මට ගෙනාව සරම අරූ ඇදන් ගියානේ.
අපේ ඉහළ කුස්සියයි මැද වලව්වයි අතර තියේ කළුවර බිම් තීරුවක්. මහ දවාලේ උනත් කෑලි කැපෙන තිත්ත අදුර.ඒ හරියෙදි ඇස් ගෙඩි දාහක් විතර මයෙ දිහා බලා ඉන්නවා දැයෙද්දි මං සරමත් උස්සාන දුවගෙන ආවා.මැද වලව්වේ උන්න මයෙ අම්මා මයෙ ඉහේ ඉඳන් පාදාන්තය දක්වා බැලුවා.මං අප්පච්චිගෙ ප්‍රෞඪත්වය පිරුණු සරම පාත දාලා අම්මට මදහසක් පාලා කාමරේට එන්න ආවා.
රටේ ප්‍රෞඪත්වය ඔලුවෙන් හිටගෙන. කරම සරේ. එල්ල වලියේ.
මං දොර වහල හැරෙද්දි ගප්පියා ඇස් ඇරල මා දිහා බලලා ආයෙ පියා ගත්තා.මාව දැකල උගෙ සමබරතාවය ගිලිහිලාදෝ මන්දා ඇගේම බර දරන් උන්න අත් දෙක වෙව්ලනවා පේනවා.ඔන්න ඔන්න ඉතින් මයෙ අත නලියනවා.මං ළඟට ගිහින් මස් කුට්ටි තුන හතරක් තියෙන බඩ පොත්තට කුචි කැව්වා.
මෙවිභූසිංහ නරේන්ද්‍රයාව බිම පතබාවන්න දැරූ ප්‍රයත්නය බූමරංගයක් සේ කැරකී සූරියබණ්ඩාර මහොත්තමයාව බිම පොලේ ගැහුවා. මොකද්ද හත්තික්කේ ඒ උනේ.
"අම්මේ! මයෙ කොන්ද"
වෙච්ච සිදුවීම තාම ඔලුවෙ බාගත වෙන ගමන්.
මං මුගේ ලඟට ගියා.ගප්පියා ඔලුවෙන් හිටගෙන උන්නා.මං කුචි කැව්වා.මූ කකුල් දෙක මයෙ ඉනවටේ පැටළුවා. පරිසරෙ කැරකුනා.මං බිම වැටුණා.දැන් කොන්ද රිදෙනවා.
ගප්පියා මයෙ බඩ පොත්ත උඩ ඉදගෙන මයෙ අත් දෙක දෝතින් අරන් ඉහ~~ ළට හුස්මක් ඇද්දා.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)