රෑ කෑම මේසේ ඉදුල් කරාපු මං උන්මාදෙන් ජනේලෙට පයින් ගැහුවා.ඇදට දපල වැටිලා ඔලුව තියන කොට්ටෙ තුරුළු කරාන ඇස් පියා ගත්තා. ගප්පියා මට හිනා වෙනවා.මං ආයෙම ඇස් ඇරියා.ඒත් පොඩි ඇටයා මට හිනා වෙනවා.ඔලුව දෙපැත්තට ගසලා ආයෙ ඇස් පියා ගත්තා.
ආහ්!!!!!!!!! මේක මළකරුමයක් උනානෙ. නිදාගන්නත් නෑ රෙද්ද.
මං කොට්ටෙට පයින් පාරක් ගැහුවේ ඈතට විසික්වෙන්න.
මං මයෙ යකඩ පෙට්ටගම ලඟට ගිහින් සිත්තම් එකින් එක එළියෙන් තිබ්බා. ගැහෙන අත් වලින් මෙවිභූගෙ පින්තාරුව එලියට ගත්තේ වටපිට බලන ගමන් . සංසක~ බලු වැඩ කරන්ඩ නම් ලෑස්ති වෙන්ඩ එපා.ඔලුව අස්සෙන් යම රජ්ජුරුවෝ අනතුරු ඇගවීම් එවනවා.මං පින්තාරුව පැත්තකින් තිබ්බා.
පෙට්ටගම අස්සේ තිවුන වේලිලා ගිය නෙළුම් පෙති තියෙන ඇකිළුන දණ්ඩ මං එලියට ගත්තේ පෙති ටික අත ගාන ගමන්.විසිවෙනි ජන්ම දිනේට ගප්පියා මට දුන්නෙ.හනේ මයෙ පොඩි එකා.
අපි හදාපු කොස්කොල ඔටුන්නේ ඉඳන් හැම ලබ්බම මං මේක අස්සේ දාන් පරිස්සම් කරා.ඒ එකින් එක එලියට ගත්තේ හිතේ අමුතු සතුටක් කොනිති ගහද්දි.හැමදාම හින්නි එවුන් වාගේ ඉන්න තිබ්බනං.
කවුද හිතුවේ අපේ සෙල්ලම් මාලිගාවේ නගාගේ වැලි කෝම්පිට්ටු කකා මාව හැමදාම රතු මල් මාලයක් දාලා උල තියපු එකා ඇත්තටම කුමාරයෙක් වේවි කියලා.මං කොස් කොළ ඔටුන්න ඔළුවට දා ගත්තා.
"තෝ නර පණුවා !! කෙසේද එසේ මාගේ සිංහාසනය උදුරා ගන්නේ?"
"මටත් එක දවසකටවත් රජා වෙන්න දියන්කො"
"එලෙස කරන්නේ කෙලෙස.මමයි මේ විජිතයේ රජ කිරුළ දරන්නේ."
මං හින්නි ගප්පියාවයි මාවයි රගපෑවේ හිනා වෙවී.පොඩි කාලේ හැමදාම රජකමට රණ්ඩු.කොච්චර රණ්ඩු කරත් කදුළු පුරෝගත්ත ගමන් ඌ රජා.
"ආ හා!!! කුමාරයට අත තියන්න එපා!!"
මතක් වෙද්දිත් හිනා යනවා. සනික සීතුවිල්ලකට ලාම්පුව ගත්තු මං පිළිකන්න දිගේ බඩගාන්න ගත්තා.පොඩි ඇටයා මොනා කරනවද දන්නෑ.ගෙම්බා පොලේ ගැහුවා වාගේ බුදි ඇති.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)