"කොර ගහන්නේ මොකෝ උක්කුං පුතේ?"
"මට ඔය නම කියන්ඩෙපා!!!"
දියතටත් ඉතින් දවසේ ලොකුම රාජකාරිය පොඩි ඇටයාව අවුස්සන එක තමා.
"මං දැක්කා ඊයේ උබල දෙන්න කැලේ පයිනවා."
උබටත් ඕනි නැති කෙහෙල්මලක් නෑනේ දියත.
හවහ වෙද්දී අපිට පත්මේ පාමුලට ඒගන්න පුළුවන් උනා. සීත ගගුලෙන් අත පය හෝදා ගත්තා.නාන්න බෑ බොලව් එකාකාරෙට වැස්ස.උදේ දවල් කියලා නෑ වහිනවා.වහිනවා.වහිනවා. අවාරෙනේ.
දිය ඇලි හැමතැනම. හීතල හුලං කෝඩ වැදි වැදී කවි කියනවා සද්දෙට.
එතනම තිවුන සමන් දේවාලෙන් කෝඩු උන්ට පඩුරු ගැටගහන්නෙයිත් කීවා.පත්මේ පාමුල ඉඳන් නඩේ ගුරා උපදෙස් දෙනවා.විසි දාස් වෙනි වතාවටත් කියන්නේ කට පරිස්සම් කරගන්නය කියලා තමා.
සමන් දේවාලෙට ඇතුල් වෙද්දිම මයෙ නගා පය ලිස්සලා ඉඳවෙන්න ගියා.වැටුණේ නෑ දඩ බඩ ගාලා කෙලින් උනා.පස්සෙන් පහු වටපිට බැලුවා කවුරුත් දැක්කද බලන්ඩ. ගමම බලන් උන්නේ නගෝ~
ගප්පියා සුදු රෙදි කඩකට කාසියක් තියලා ඒක මයෙ අතේ ගැට ගැහුවා.
"ගිහින් එනකන්ම පරිස්සම් කරගනිම්.ආයේ මෙතනම ගැට ගහන්න ඕනි."
"කෝඩු නෙවේද උබ?"
"කලින් ඇවිත් තියේ...
මතක නෑ හැබැයි.හින්නි සන්දියේදිලු."
මුල් ටික පඩියා වාගේ කිවාට මොකෝ අග භාගෙදි ගොනෙක් වාගේ හිනා උනා.
අප්පච්චි මයෙ අම්මව අල්ලන් අඩි පාර දිගේ ඉහළට යනවා.හරි~ ආදරණියයි.
මාත් මයෙ පණ්ඩිත නාකි උන්දැව දක්කන් යන ගමන්.වෙද අත්තා දෙතුන් වංගියක්ම බලන් උන්නේ මූ කකුල ඇද ඇද යන දිහාව.දෙන්නගෙම ලොකුකමනේ.
"තෙධර්නා ඔහොම ඩිංගක් ඉදින්."
දියතගේ සද්දෙට මායි ගප්පියායිත් හැරිලා බැලුවා
"ලේ ගලනවා කියලා උබට දැයෙන්නෙ නැද්ද?"
දියත පෙන්නද්දී දැක්කේ ලිස්සුව වංගියේ නගාගේ මහපට ඇගිල්ලේ නියපොත්ත ඩිංගක් කැඩිලා තියෙන වග.මේ කෙල්ල කියෙව්වේ නෑනේ.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)