මූසලව නිශ්ශබ්ද වෙලා තියෙන කඩුගන්නාවෙ මාළිඟාව පුරාම විහිදිලා තිවුනෙ නැසෙන සුලු බව.
යුවරජතුමාගෙ යහන උඩ ඉඳගෙන, ජීසස්ට මොනවදෝ ඉංග්‍රීසියෙන් මුමුනන හැරීව මයෙ පපුවට තුරුලු කරන් මම බලාගෙන උන්නෙ මෙවිභූගෙ පාඩම් කුටිය පුරාව.
මයෙ කොල්ලා ආදරේ මුහු කරලා මැටි කළවල ඉන්දවපු සංවේදී කොළ පාට පැළ බිම වැටිලා පොළව බදාගෙන අඬනවා.රාක්කවල පිළිවෙලට අහුරලා තිවුන පොත්පත් සේරම ඇදලා දාලා නිස්කලංක කලාගාරයක් වාගෙ කුටිය විනාස කරලා දාලා.
ආපු අය කුටිය පෙරළගෙන මොනාහරි හොයලා මයෙ හිතේ.බාගවිට යුධ සැලසුම වෙන්නැති.කොහොම නමුත් මට හැඟෙන විදියට මෙවිභූ දන්නෙ නැතුව ඇති මෙහෙ වටලලා කියලා.දැනන් උන්නා නම් කීයටවත් මට මෙහෙට ඇවිදින් යන්න කියන්නෙ නෑනෙ.
හුස්මක් හෙළපු මම මයෙ පපුවට වෙලා ඉන්න පොඩි එකාගෙ නළලට හාදුවක් තිව්වෙ සිතුවිල්ලකට.හැමදාම අනිත් අයගෙ දේවල්වලට දුක් විඳින අහිංසකයා.
"Devil Prince හොඳට ඇති නේද?"
"මමත් හරියටම දන්නෑ හැරී.එයා හොඳින් ඇති."
කුරුදු පොත්තක වාගෙ හැඩේ තියෙන ඔය සිහිමුර්ජා වෙන්න,හිරි වැටෙන්න එහෙම මෙවිභූ දෙන වේදනා නාශකයකින් පොඩ්ඩක් මම හැරීට දුන්නා.ඩිංගක් අඩු වුනා මයෙ හිතේ.
කොල්ලට හුස්ම ගන්න අමාරු ගතිය නම් ඇරුනෙ අශ්ව බල ගුලියක් දුන්නාම.මදන ගුලියක් නෙවේ ඒක.දුර්ලභ බෙහෙත් ඖෂධ හුඟක් කැටි කරලා මයෙ පපුවෙ රුදාවට මෙවිභූම හදාපු එකක්.
ගුලිය ගත්තත් අද මයෙ පපුව ඇදුම් කන එකනම් නතර වුනේ නෑ තාම.හෝරා හය හතකට කිට්ටු වෙන්න එක දිගට අතපය වෙහෙසුවානෙ.
රාජාභිෂේකය දවසෙ රෑ අසනීප උනැයිම් පහු මගෙ වෙදා කට ගෙවෙනකන් කීවා පපුව මහන්සි වෙන දේවල් කරලා අහුවෙන්න එපාය කියලා.දැන් මයෙ හදවත ගැහෙන රිද්මෙ අවුල් සහගතයිලුනෙ.පරම්පරාවෙන් එන හෘද රෝගයක් කියලා තමා කීවෙ මයෙ මතකෙ හැටියට.
එහෙන් පාර දිගේ මිරිවැඩි නැතුව දුවපු හන්දා මයෙ යටිපතුල් පවා පුපුරු ගහලා වේදනා දෙනවා.සෙරෙප්පු දෙකක් නැතුව ගෙයින් එළියට බැහැලා නැති මම මැද මහනුවර ඉඳන් කඩුගන්නාවට පයින් දිව්වම.සනීපයි අම්මේ~.මෙවිභූ දැක්කානම් එහෙම කකුල් දෙකම කඩලා ඉම්පහු අඬ අඬ බෙහෙත් කරාවි.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)