නගාගේ මුණේ සතුට දෝරෙ ගලනවා.අම්මලා අප්පච්චිලාගෙ කතා බහ අහන් උන්න මට දැනුනෙත් පුදුමාකාර සන්තෝසයක්. දිනයක් දාන් ගමේ ඈයො ඔක්කොමලා එක්කාසු කරන් අවාරේම සිරිපා කරුණා කරන්නයි කල්පනාව ඕන්.
රෑ මේසේ ඉඳුල් කරලා කාමරේට වැදෙන්න කලියෙම් බුදු පාන ගාවට ගිහින් සමන් දෙයි හාන්දුරුවන්ට පින් දුන්නේ මයෙ දුක් අදෝනාව අහලා අපිට මාර්ගයක් පෙන්නුවට.
නඩේ ගුරා වෙන්ට ඉන්න වෙද මහත්තයා මුණ ගැහෙන්නය කියලා අප්පච්චි එහෙ බඩ ගාද්දී අම්මායි නගායි නිදා ගන්නෙයි කියලා ගියා.
මං මේ වලව්වේ මුල් පඩියට වෙලා බලා ඉන්නේ හඳ පායනකන්.
"දැන් නම් උණ බැහැලා"
රස්නේ අතක් නළලේ වදිද්දි කණුවට හේත්තු වෙලා උන්න හන්දා නින්ද යාගෙන ආව මං ඇස් ඇරියා.
"කෝ දියත?"
"ඌ ගෙදර. බුදි ඇති දැන්නම්."
මයෙ එහා පැත්තෙන් ගප්පියා වාඩි වෙද්දි මං උගේ ඔඩොක්කුවෙ ඔලුව තියා ගත්තේ හඳ දිහා බලන්ඩ පහසු වෙන්ඩ.
"ඇතුලට ගිහින් බුදියහන්! සීතලේ ටැග් ගැහෙන්නේ."
"එතකොට හඳ නෑනේ."
සැරින් සැරේ කළු වළාකුළු ඇවිදින් හඳ වැව්වත් ආයේම කිරි පාටින් එලියට එද්දී පුදුමාකාර සිරියාවක්.
මයෙ මනස්ගාත අදහස් ගප්පියා දන්නවා. ඒකයි හරහට මොකුත් නොකියන්නේ.
හඳ එලියට එනකල් අහස දිහාම බලා උන්න මයෙ නළල ගප්පියා ඇගිලි තුඩු වලින් තෙරපවන්න ගත්තා.සනීපයි.
"සෙම කිපුනම නාහේ හූර හූර ඉදහන්කෝ .ඇහැක් ඇරලා බලන්නෑ"
"කමන් නෑ"
"කියන නාහන එකා උඩින් ගියත් එකයි.බිමින් ගියත් එකයි.මටයැ අමාරුව."
මං ඇස් පියාගත්තේ නළල තෙරපවද්දි දැනෙන සනීපෙට.
"දවාලේ මොකටද බය උනේ?"
"උබට "
"මට?"
"ම්ම්ම්"
ගප්පියාගේ බඩ පොත්ත ගැස්සෙනවා.මේ පොඩි ඇටයා මට හිනා වෙනවද.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)