මීදුම හැමතැනම.වැස්ස වැහැලා වැහැලා පායපු හන්දා ගස් කොලන් කොළ පාටින් දිලිහෙනවා.ගන්න හුස්මක් ගානේ දැයෙන්නෙ අලුතින් ජීවිතයක් හම්බුනා වාගේ හැගීමක්.
පාන්දරම අපි අම්බලමෙන් පිටත් උනේ උතුරු සළුව කරට දාන්.ඊයේ මැරෙන්න වැටිලා උන්න එකා අද ඉන්නවා පණ ගහලා.ඉලන්දාරියා කටින් මීදුම් වළලු පිඹිනවා.
මං හදාපු අටපිරිකර දෝතින්ම අරන් තියන අඩියක් ගානේ හැමෝටම තෙරුවන් සරණ පැතුවා.ආ..මං තනියම අටපිරිකරක් හැදුවානේ. ගප්පියත් උදවු කරා මට.
උදේ දවල් හොයන්නත් බැරිකොට මළුවට ආ වෙලේ ඉඳන්ම දැයෙන්නේ එකා එකා නොපෙනෙන තරමට තියෙන මීදුම විතරයි.ලා ඉර එළියක් වැටෙන්නේ දවල් කියලා අඟවන්න වාගේ.
දොළොස් මහේ පහනට තෙල් වක්කරාපු වෙලේ පැත්තක වෙලා උන්න ගප්පි කුමාරයාට මං ඇස් වලින් එන්නෙයි කීවා. ඌ දුකින් බලාන උන්නේ මයෙ අම්මා මගෙයි නගාගෙයි ඔලුවෙ තෙල් ගාන හැටි.
"බුදු සරණයි මයෙ වස්තුවට.සමන් දෙයි හාන්දුරුවන්ගෙම පිහිටයි."
ගප්පියාගේ ඔලුවෙ තෙල් ඩිංගක් ගාපු මං මයෙ හදවතින්මයි ආසිර්වාද කරේ.
සිරි පත්මේ හිස තියලා වැද නමස්කාර කරලා මං ගප්පියාවත් හවුල් කරාන අපි හදාපු අටපිරිකර පූජා කරා.
අම්මලා ඉතින් ලොකු ලොකු දේවල් පූජා කරාට මට පුළුවන් හැටියෙන් මං කරේ.
සමන් දේවාලයට නගාව ඇන්න ගිහින් බාර හාර වෙද්දී මං දේවාලේ අස්සට ගියේ නෑ.මම මළුවේ වාඩි වෙලා ඩිංගක් භාවනා කරා.
දියත ඇවිදින් මළුවේ වාඩි ගෙන උන්න අපිව ඇදන් ගියා භාරකාර හන්දුරුවන්ව බැහැ දකින්නය කියලා.
ඇත්තම කියනවානන් අපි වාගේ උන්ට ලේසියට යන්ට බැරි තැනකට ගිහින් හිස තියලා වැද නමස්කාර කරන්න පුළුවන් උනේ දියතට ගප්පියාට පින් සිද්ද වෙන්න.
මැණික් ඔබ්බාපු රන් මිරිවැඩි සඟලකුයි තව මොනාද එක්කල අටපිරිකරක් දියත ගෙනල්ලා තිවුනා ගප්පියා වෙනුවෙන් පූජා කරන්නය කියලා.බාරයක් ද මන්දා.
කොහොම නමුත් සතුට ඉහවහා ගිහින් කදුළුත් පිරිලා මං උන්නේ නම්.මිනිස්සු එක එක දේවල් ඉල්ලනවා, බාර වෙනවා .මට ඒ මොකුත් කරගන්නවත් සිහියට ආවේ නෑ.
මයෙ ඔලුවෙ මුල් බැහැපු දේ බුදුරජාණන්වහන්සේගේ වම් සිරි පතුලේ හිස තියලා නමස්කාර කරන්න තරම් මං පින්වන්තයෙක් උනා කියන එක විතරයි.
එන ගමනුත් මන් නොසෑහෙන්න දියතට පින් දුන්නා.
බහින වංගියේ අපි එක්කල බලු රාල කෙනෙක් එක්කාසු උනා.මං ඌට බත් දාපු හන්දා බහිනකම්ම පස්සෙන් ආවා මං එක්කල.
පුදුමේ කියන්නේ උබලට කියන්න මේ බලු තඩියා වලව්වට එනකන්ම ආවානේ.ගප්පියා ඌට රන් මැණිකේ කියද්දි දැක්කේ බලු කික්කියක් වග.
ගමටත් හොදට වැහැලා වාගේ ගිය දොහේ.ගස් කොළන් ටික පණ ගහලා ඉන්නවා.අපේ අප්පේ බලන්ඩ එපැය වැවේ වතුර ටික.නිල් කැටේට දිලිහෙන්නේ.ආසාවේ බෑ.
" හෙට උදේම වැවට එමු ඤන් පඤන් බෑ ඔන්න"
"මාත් මේ කියන්ඩ හැදුවා විතරයි බං"
ගප්පියා ගෙදර යද්දි මං වලව්වේ පහළ කූස්සි දිහාට ගැටුවේ මං කැන්දාන ආ කෙල්ලට බත් ඩිංගක් අනලා දෙන්ඩ.
--------------------------------------------------------
මේ chapter එකට වචනෙකින්වත් අගෞරව වෙයි කියලා මට බය හිතුනා ඒකයි කොට මෙච්චර.
🤍🙏🏻
වලව්වට ආවා....
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)