ගප්පියාගේ මැණික් කටුවෙන් අල්ලගත්ත මං සේරම දමලා ගහලා ඇදගෙන එන්න ආවා.ඌත් සරුංගලේ වාගේ ඇදි ඇදී ආවේ මීක් නොගා.
වලව්වට ගොඩ වෙද්දී හාන්සි පුටුවෙ උන්නු අප්පච්චි කතා කරත් නෑහුන ගානට ආවේ මයෙ කාමරේට.ඇදන් උන්න සුද්දාගේ ලේ ගෑවුණ කමිසේ බිම දාලා කලුවර අල්මාරිය ඇරලා ලාච්චුව අවුස්සන්න ගත්තා.
මං හෙව්වේ මයෙ පාරම්පරික මුදු කට්ටලේ වටිනාම මුද්ද වෙච්චි ගුරුළු රාජයා කොටලා නිල් ගල් ඔබ්බාපු මුද්ද. ගප්පියාට දෙන්න පුළුවන් වටිනාම දේ විදිහට මට පෙව්නෙ ඒක.
මං හැරෙද්දි ගප්පියා මං බිම දාපු කමිසේ අත් වලට ගුලි කරාන බර කල්පනාවක.මම ඒ ජරා කමිසේ අරන් ආයෙම බිම දාද්දී ගප්පියා මයෙ දිහා බැලුවා. මූනත් එක්කල තඩිස්සි වෙලා. අරූව ගිහින් කන්න හිතෙන්නේ ඕවා දකිද්දි තමයි.
"වෙද ඇගිල්ල දියම්!"
ගප්පියා මයෙ මූණ දිහා ඇස් බෝල විසාල කරන් බලන් ඉන්න ගත්තු හන්දා මංම දකුණත වෙදැඟිල්ලට ගුරුළු රාජ නිල් ගල් මුද්ද දැම්මා.දැන් මූ මයෙ කසාද මිනිහා.එකෙක් හරි අත තිබ්බොත් කනවා තොපි සේරමව.
මුණ වහන් කරගන්න බිම බලාගත්තු ගප්පියාගෙ මූනෙ නිකට ගාවීන් දබරැගිල්ල තියලා ඉස්සුවේ හැඟීම බලාගන්න.කවුද දන්නේ මූ අකමැතිනම්.එහෙනන් ඉතින් මෙහෙම ඉන්නෑ ඒක වෙනම කතාවක්.
"ඇයි අඬන්නේ?"
"සතුටට"
"........"
"කියන්න දෙයක් නෑද බණ්ඩාර??"
"මොනාද මං දැන් කියන්ඩ ඌමනා?...
උබට දෙයක් තියේ නම් කියපන්"ගප්පියා කට ඇද කරගෙන වෙනදට හාදු තියන පපුවට මුද්ද දාපු අතින්ම මිටි කරලා ගැහුවා.මං දන්නවා ඕකා බලන් ඉන්නේ මයෙ හිතේ ඌට තියෙන ඉඩ ගැන දැනගන්න.
ඒත් මට පද අමුණගන්න තේරෙන්නෑ බං.සේරම සින්නක්කර කරන් ඉන්නේ උබ තමා ගප්පියො.ඒක දන්නේ මායි මයෙ හිතයි.
"මට උබ දැක්කම තරහ යනවා බණ්ඩාර!!"
මං හිනා වෙවී ගප්පියාව දෝතින්ම වැළඳ ගෙන නලලට හාදුවක් දුන්නා.කොටි පැටියා මෙල්ල කරන සාස්තරේ හරි!.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)