අමනාපයක් නැහැය කියලා මං අස්සේ ගුලි ගැහුනට පාන්දර වෙද්දී මට නොදැනෙන්න ඇදෙන් බැස්සා.නිදි කියලා හිතාන සද්ද බද්ද නොකරට මං ඌ තුරුළු කරාන එළිවෙනකන් ඇහැරන් උන්නේ.
රන් මැණිකේ උඩුබුරාලන සද්දෙ එළියෙන් ඇහෙනකොට ජනෙල් පියන සීරුවට ඇරපු මං බලාන උන්නේ මයෙන් ඈතට යන ගප්පියා දිහාව.
කුකුළා බෙරිහන්දෙනකන්ම වහලේ උළු කැට ගණන් කරාපු මං පොඩි එව්වෝ ටික වෙනුවෙන් පන්සල් යන්ඩ ලක ලෑස්ති උනා.
රන් මැණිකේ එක්කලම පාරට බැහැල පන්සල දිහාවට වේගෙන් ගෑටුවා.වෙද අත්තගේ ගේ ගාවදි එබිකම් කරේ මං හොයන රූපේ තියේද බලන්න. ගෙපිලෙ ඉදගෙන බෙහෙත් උරච්චි කරනවා.මං එතනින් දෙතුන් වන්ගියක්ම එහා මෙහා ගියේ ගොළුබෙලි ගමනින්.
කොහෙද මේ රන් මැණිකා ගප්පියා දැකලා ආවේස වෙලා වාගේ බුරන්න තියාගත්තනෙ.ගප්පියා ඔලුව ඉස්සුවා.
"මොකෝ මෙච්චර කලියෙන්?"
"උබ එන්නැද්ද?"
"පේනවනේ පන්ගනාත්තු කරලා තියෙන වැඩ."
ගප්පියා බෙහෙත් උරච්චි කරන ගල් ගෙඩිය අත් දෙකෙන් උස්සලා මට පෙන්නුවා.
"මං යන්නම් එහෙනන්"
"පරිස්සමෙන් ගිහින් වරෙං!"
ගප්පියා නැතුව මං යන්න හැරුණ හන්දා මයෙ කෙල්ල නාහෙන් අඩනවා වාගේ කූන් කූන් ගාන්න ගත්තා.
පොඩි එව්වොන්ට දුටුගැමුණු මහා රාජෝත්තමයානන් වහන්සේගෙ අතීත කතාවක් කියා දිදී උන්න මං හැරුණේ උගුර පාදාපු සද්දෙට.
"අපෙ හාන්දුරුවනේ~"
"කළු ගැහෙන්ට ලඟයි සංසක.මුන් ටික ගෙවල් වලට පිටමන් කරොත් නරකද?"
අහස දිහා බලාගෙන හාමුදුරුවෝ තෙපලද්දි මාත් ගිනි කාෂ්ටක අව්ව දිහා බැලුවා.මේ අපේ පන්සලට වැඩම කරාපු ආරණ්‍යවාසී හාමුදුරුනමක්.පත්මේ කරුණා කරන්නය කියලා උපදෙස් දුන්නෙත් මේ උන්නාන්සෙම තමා.
කියමන අහක දාන එක නුසුදුසු හන්දා මං පොඩි එවුන් එක්කල ගස් ගෙඩි කඩ කඩ ගෙදර ගෑටුවා.එකා එකා පැල් වලට ඇදෙද්දී ඉතිරි උනේ මායි නායක ඇච්චායි විතරයි.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)