තැනිතලා පහු වෙවී කඳු ගැට ඉස්සෙන්න ගනිද්දී ඕන් ගමනේ අමාරුව තේරෙන්න ගත්තේ.සැරෙන් සැරේ වැටෙන වැහි කෝඩ එක්කල අව් කාෂ්ටකේ වේලිලා පුරුදු ගම්මුන්ට කැලෑ උණ හැදෙන්න ගත්තා.උන්වත් වත්තම් කරන් දින ගානක් අපි ඇවිද්දා.
"මෙතනින් තමා එදා අපි ගියේ."
අඩි පාරක් පෙන්නලා ගප්පියා මට රහසින් කීවා.
"ඔතනින් ගොඩක් දුර ගියාද ?"
"ගව් හය හතක් විතර මයෙ හිතේ. නිච්චිම නෑ."
වෙද අත්තා හැරිලා බලද්දී අපි විගහට මොකුත් කතා කරේ නෑ වාගේ ඉස්සරහා හැරුණා.පුදුම කනක්නේ. ඒකත් ඇහිලා
හැමෝම වාගේ අමාරුවෙන් උන්න හන්දා ගමනේ ජවය ගොඩාක් බැහැලා තිබ්බේ. කඳු නැගලා පුරුදු උන් නෙවේනෙ අපි.
"ආහ්!!!! අර!!! බලන්ඩ ඉක්මන්ට!!! වතුර කඳ!"
ගප්පියා මයෙ අතින් ඇද ඇදා විසාල ජලස්කන්ධයක් පෙන්නද්දි මට හුස්ම ගන්නත් අමතක උනා නෙව.දෙයිහාන්දුරුවනේ ලස්සන.මහන්සිය පෑල දොරින් ගියා ඒක දැක්කම
"ඔය කොහෙද යන්නේ?"
"අපි නාමු"
"වෙද අත්තාගෙන් අහලා ඉන්ට."
වතුර ටික දැකලා ගප්පියා මායම් වෙලා.උඩ පැන පැන ගියේ වෙද අත්තා ගාවට.
"නෑ නෑ පුරුදු නැති තැන් වලින් නාන්නේ නෑ...
ඕවයේ හැමතැනම ගල්ගෙඩි.වැව වගේ නෙවේ ලිස්සනවා...
අනිත් අතට ගංගා ඇළ දොළ වල් වල ඒවයෙ අයිතිකාරයෝ ඉන්නවා...
පිටින් එන අපි වාගේ උන් බිලිගන්න බලන් ඉන්නේ..
සමහර තැන් තියෙනවා නාන්න සුදුසු නැති මේත් ඒ වාගේ තැනක්.."
හපුටු කරාගත්තු මුනකින් ගප්පියා මා දිහාව බලද්දී උගේ මූනත් තහඩුව දැකපු මටත් දුක හිතුනා.පව්. ඌ වතුරේ ලගින්න ආසා එකානේ කොහොමත්.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)