"බුද්ධං සරණේ සිරස දරාගෙන...."
අපේම නඩේ පිටිපස්සෙන් තුන් සරණේ කවියක් පටන් ගන්න කොට ඉස්සරහින් දෙවෙනි පදේ.
"ධම්මං සරණේ සිත පහදාගෙන...."
මං දඬුකෝඩු.ඒ කියෙව්වේ පත්මේ කරුණාකරන පළවෙනි වතාව.ගමේ ගොඩක් එව්වෝ කෝඩුකාරයො තමා.ගමෙන් එහා වත් දැකලා නැති ඈයො තමා ගොඩක් ඉන්නේ.
කට වරද්දගන්නැතුව සැදැහැ සිතින් යන සති ගානක ගමනක්නේ හැමෝම වාගේ ඉන්නේ පුදුම සද්දාවකින්.
හැබැයි ගම් නෑම්බියෝ ටික වට කරාන දියතයා නම් මදන විසේ ගහපු තනි අලියා වාගේ.අරුනුත් කැකිරි පලනවා මුගේ නාඩගම් වලට.නඩේ ගුරා වෙච්චි වෙද මහත්තයා නම් දෙතුන් වන්ගියක්ම ගෙරෙව්වත් දියතයා නෙවේ කනකට ගන්නේ.
අඩුම කුඩුම පුරෝපු ගැල් තුන හතරක්ම අපේ ඉස්සරහින් යද්දී දණිස් අමාරුව අල්ලාවි කියලා මයෙ අම්මා බක්කි කරත්තෙකයි ආවේ.
වලව්වෙන් පටන් ගත්තු වැලි කැටේ ඉඳන් පාගා ගෙන මායි ගප්පියයි අප්පච්චියි නගා පස්සෙන්ම ගෑටුවා.
දැනටම ඒ කකුල් රත ගැහිලා. ඒකිට පුරුදු නෑ මේ වාගේ ඇවිදලා.නගාට වාගේම ගල් කැට ඇනියන් කියලා මාත් කොස් පට්ටා ජෝඩුව අතට අරන් ඇවිද්දේ බැරිම තැන.මට උහුලන්න බෑ බොලව් නගා දුක් විඳින හැටි.
අද ගප්පියා සද්ද නෑ.දෙන දේ කාලා වෙන දේ බලන් පාඩුවේ මා ගාවින් ගාටනවා.මේක වන්දනා ගමනක්ය කියලා අමතක දියතට විතරයි ඕන්.
දියතයා මුලින් හැමෝම ඉස්සරහ හැසිරෙන්නේ හරි ගරු සරු ඇති මිනිහා වාගේ. බජනෙට ආවම් පස්සේ ඇත්ත සතා එලියට එන්නේ.අන්දරේ ආයේ ඉපදිලා වාගේ ඌ ඉන්න තැන හිනාවෙන් පිරිලා.
හවහ වෙන්ඩ ඇරලා අම්බලමක නැවුතුණා.අග්ගලා හෙම කාලා විවේකයක් ගත්තේ.නාකි උන්දලැගේ හිතේ සත්තිය මිසක්ක මග යද්දි කකුල් වෙව්ලනවා.
ගප්පියා ගමේ තව ඇච්චෝ දෙන්නෙක් එක්ක එක්කාසු වෙලා සේරමල්ලට ආවතේව කරනවා. ආසාවට මාත් නැගිට්ටාට මොකෝ අප්පච්චි උගුරේ රැල් බුරුල් කරාපු හන්දා ඒ පයින්ම වාඩි උනා.
ගප්පියා මට විතරක් හකුරු කෑලි හතරක්ම දුන්නා.අනිත් උන්ට එක ගානේ.රණවරා බෙදද්දි මාව මගැරල අනිත් ඔක්කොටම බෙදුව.මට හකුරු විතරයි .මං ඒ ටික ලෑටි ගගා උන්න.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)