"උබ ඔය දඟලන්නේ නයි පැටියෙක්ට කිරි පොවන්න තමා.""ඩිංගක් බලහන්කො.අඩුම මයෙ හිත හැදෙන්නවත්."
"කට.කට.තනියා තාම අතන."
ගප්පියා සුද්දා ගාව ඇණ තියාන ඌ වහන් කරන් උන්න අත හෙමීට එහාට කරලා කබාය එහා මෙහා කරා විතරයි සුද්දා නරියෙක් වාගේ හූ කියන්න ගත්තා.
"Aish!!!! Fuck! Village man shu! shu! shu!"
"ශු ශූ ගාන්න මූ හිතන් ඉන්නේ අපි කාක්කො කියලද??"
ගප්පියා හිනා වෙවී වැලි අහුරක් අරන් තනියා දිහාවට විසි කරාම තනියා හොඩේ නගුටයි දෙකම උස්සන් දිව්වා.ආ~ පොඩි ඇටයා ඇත්ත කියල තියෙන්නේ.කලින්ම කරානම් අහවරනේ ඕක.
"කකුල් දෙකෙන් අල්ලහංකෝ.තලාව පිටිපස්සට ගෙනියමු."
මම කකුල් දෙකෙන් උස්සද්දි ගප්පියා කිහිලි වලින් අත දාලා උස්සගත්තා. බාසාව නොතේරුනත් සුද්දා පලන්නේ නම් කුණුහර්ප කියල ටක්කෙටම කිව්වැකි.
"ඔක්කෝටම කලියෙන් මුගේ කට බදිමු බණ්ඩාර. මයෙ හිස කකියනවා ඒ බාසාවට."
"ඌ අමාරුවෙන් හරි හුස්ම ගන්නෙ කටින්නෙ...
කටප්- කටප්- මම- මූ- තුවාලේ- තුවාලේ-..
හොඳ කරනවා කියලා පෙන්නන්නේ කොහොමද බං??"
මං දන්න සේරම හස්ත මුද්‍රා උපයෝගි කරගෙන පැහැදිලි කරද්දි සුද්දා මා දිහා බලා උන්නේ පිස්සෙක් දිහා බලන ගානට.උගෙ මූනත් එක්ක සුදු මැලි වෙලා නිල් පාටින් නහර පේනවා. මළමිනියක් වගේ.
ගප්පියා කබාය ගලවද්දි මයෙ මුද්‍රා බාසාව තේරුම්ගෙනද කොහෙදො මේ සැරේ නම් සුද්දා කට වහන් උන්නා.රෙදි පටියකිනුත් බැදල තුවාලේ.කුණු වෙලාද මන්ද.අතෙත් තුවාලයක් පැසවන්න අරන්.
"මේ බඩකඩිත්තුව ගලවන්න උදව් වෙයන්කෝ."
"......"
"බණ්ඩාර! උබට කලන්තෙද?"
"අනේ නෑ."
නෑ නෙවේ ඔව්!!
කකුල් වලට දාන් උන්න බාච්චුව අයින් කරාම කලව ගාව විසාල කැපුම් පාරක්.මූ මංකොල්ලකාරයෙක්ටවත් අහු වෙලාද.ගප්පියා අත පය උස්ස උස්සා බලද්දි සුද්දා පැටියට කෙඳිරි ගෑවෙනවා.මෙච්චර ඉවසුව එකේ තව ඩිංගක් ඉවසහන් කොල්ලො.ගප්පියා උබව බේරයි.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)