"මහ මොකෙද්ද මන්දා යකෝ! අර අමුඩ කොටේ ගහන් දුවපු කොල්ලා නේද කියලා මං ඩිංගක් කතා කරන්න හැදුවේ...
පිටට තට්ටුවක් දැම්මා විතරයි බලු ගූ ගොඩක් ගෑවුන විලාසෙට මං දිහාව බැලුවෙ."
"ගනන් ගන්න එපා ඒ උගෙ හැටි.ඌ කතා කරන්නෙ ඌට හිතුනාම.අපිටත් වැඩි වෙනසක් නෑ."
"ඔය කොල්ලා වගේම එකෙක් ඉන්නවා බං අපේ පැත්තෙ"
"ඌ වගේ නම් ලොවටම එකයි.ළගින් ගියොත් ඇහැක් නෑ.කතා කරොත් දතුත් නෑ."
"හරි ඒ වුණාට දැක්කම කවුරුහරි මතක් වෙනවා.මෙප්- මැවි මැවී පේනවා.අඳුරගන්න බෑනෙ."
බාග විට වලිසිංහ වෙන්න ඇති.වලිසිංහට දියතට ගප්පියට තියෙන්නේ එකම විදිහෙ මරුමුස් ගාම්භීර බැල්මක්.පෙනුමත් ළඟ ළඟ යනවා.
වෙනස වලිසිංහ කලුයි.දියත රන්වන් පාටට හුරුයි.ගප්පියා කිරි පාටයි.දැන් කිරි වවුලා හෙන ගහපු මා වවුලෙක් වගේ හන්දා වලිසිංහ වගේ පේනවා ඇති.
මොල්ලිගොඩයා දමාගෙන කල්පනා කරනවා.නෑදෑ සනුහරෙන් මට කිට්ටුම එකා තමා මූ.මගෙ වයසෙමයි.මෙහෙ පස් පාගන්නෙ නම් ඕන් කල්ප කාලාන්තරයකට සැරයක් කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ.
අද අපේ පවුලේ සිරිතක් වසයෙන් විස්තර කතා බහ කරන තිරප්පු සාකච්ඡාව.අවුරුද්දකට සැරයයි.ඉඩකඩම් පංගු පේරු, රාජකාරි කළමනාකරණය,පෙළවහවල්,රාජ සභාවෙ අඩු ලුහුඬුකම් නැති කතාවක් නෑ.
හැමදේම එකම තැනින්.ගෑණු-පිරිමි භේද නෑ හැමෝම මෙතන.
"පලහිලව්වක්වත් තාම නැද්ද බං??"
"නැත්තෙ මොකෝ"
"අම්බෝ පැණි පාට...
මං හිතාගෙන හිටියෙ උබට ගෑනියෙක් හොයා ගන්නම බැරි උනොත් අඩුම මයෙ කෙල්ලවවත් දෙන්න."
මායි මොල්ලියයි එතනම ඉඳගෙන වෙනම සාකච්ඡාවක්.
"අනෙප් පලයං! උබට ඉන්නෙ වසවර්ති මාරයෙක් වාගෙ පුත්‍ර රත්නයක්නෙ..
එදා ඔය යක්ඛ පැටියා ගෙයි මැද අඹ ඇට විසි කරලා තිබිලා මට පෑගුනා.ඔලුවත් ගෙඩි ගැහුනා මේසෙ වැදිලා."
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)