පරිච්ඡේදය 53

264 60 16
                                    

"හිත පතුලෙන්ම බුර බුරා නැගෙන සිතුවිල්ල මම මේ කියන්නෙ....

ඔය නාකි හුචක්කුවන්ට තනි පාර ගානෙ ගහගෙන ගියත් ඇති මැරිලා වැටෙන්න...

ඉම්පහු ගිහින් යමරජාට පවන් සල සලවත් ඉන්නැතෑ..."

"මට නොතේරෙන්නෙ ඇයි වෙද අත්තා මා දිහා තරගෙට වාගෙ බලන්නෙ කියලා."

"ඌ නම් මහ මන්ද මානසික ගෝතයෙක් බං.තණ්හාව වැඩිකමට මායම් වෙලා ඉන්නෙ.පිස්සු #කන්නා"

මම කර කරා උන්න වැඩේ නවතලා ඇඳේ නිදන් උන්න දියත දිහා බැලුවා.දියතගෙ අත උඩ මස් ගොබයක් බදාගෙන උක්කුං නිදි.

මෙච්චර වෙලා ගිරවා වාගෙ කියෙව්වා අවුරුදු සමරාපු හැටි ගැන.ඒත් හැරී ගැන වචනයක්වත් කීවෙ නෑ.


"මම කලින් හිතාන උන්නෙ උක්කුං උබට ආදරෙයි කියලා.දැනුයි තේරෙන්නෙ ඌට ඕන නොලැබුන අවධානයයි ආරක්ෂාවයි."

" ඒකත් ආදරේ තමයි.මේ කාලෙට අම්මගෙන් තාත්තගෙන් ලැබෙන්න ඕනි.උක්කුං සේරම පටලවගෙන ඉන්නෙ."

"ම්ම්ම්.තාත්තා කියන්නෙ අප්පච්චිටද??"

"ඔව්"

මම නැගිටලා පුටුව ඇඳ පැත්තට හරවගෙන වාඩි උනා.

"ඇයි උබ වලිසිංහ රජතුමාට වෛර කරන්නේ??"

"මිනිස්සු මට සලකන විදිහටමයි මම උන්ට සලකන්නෙ...

හිනා උනොත් හිනා වෙනවා.කතා කරොත් කතා කරනවා.බැන්නොත් බනිනවා.ගැහුවොත් ගහනවා.මැරුවොත් නෑ මරන්න හැදුවොත් මරනවා..."

"එහෙනම් තාම මැරුවෙ නැත්තෙ මොකෝ??"

"ඒ මගෙ තාත්තා හන්දා "

වියන් ඇදේ දපලා උන්න දියත කෙලින් වෙලා ඉඳගත්තෙ උක්කුංව ඇහැරෙන්න නොදී ඔලුව යටින් මයෙ කොට්ටෙ තියලා.

"කී වංගියක් මරන්න හැදුවද??"

"ඉහේ කෙස් ගානට"

දියත හුස්මක් පාත දාලා බැලුවෙ හෙමීට ගොරවන උක්කුං දිහා.කොල්ලට සෙම හොඳටම.

මෙහෙ ආවත් හරි සෑප නින්දක් දානවා දැක්කමයි.ඕකා හීන් සද්දෙටත් ඇහැරෙනවා වෙනදා.

|| දෑල ||Where stories live. Discover now