තුන් ගමනක් විතර කාලා මතේ ඉහට ගහපු ගප්පියා මුළු ඇදේම අත පය හතර දිගැරන් ආන් බුදී.
අම්මලා එක්ක කතා බහ කරාම දුක තුනී උනාට මොකෝ තාමත් හිතේ කොනක් කොනිති ගහනවා දැනෙනවා.
මයෙ නගාගේ වේලාපත්කඩේ අපි කීප පොළකින්ම බැලෙව්වත් ඒ හැම එකාම කිවේ නගාට කසාද ,දරු ඵල නැති වගක්.මල්වර උනායින් පස්සේ නැකත බැලුව තැනින් කිව්වෙත් එහෙම්මම තමයි.
නගාගේ හිත තැලේවි කියලා අපි නොකියා හිටියත් සීතා අම්මගේ කටින් කියවිල තිබ්බා.මුළු ගමම දන්නෙත් ඔය කට නිසා තමයි
සීතා අම්ම එක්කල අපේ තරහක් නෑ.හරි හොඳ වයසක මනුස්සයා.හිතේ තියෙන සේරෝම ඔක්කොමලා එක්ක කහටක් නැතුව වමාරින එකයි පුරස්නේ.
මල්වර උනායින් පස්සෙත් අපි නොකළ දෙයක් නෑ.අපලයි කිව නිසා බෝධි පූජා පවා නොසෑහෙන්න තිබ්බා.
කළු කුමාර දොසේ එන්න පුළුවන් එකියක්ය කිව හන්දා හැමවෙලේම තනිවෙන්න නොදී පරිස්සම් කරනවා.
බලාන ගියාම කළු කුමාරයාට වඩා හපන් නාකියෙක්ගෙන්නේ පරිස්සම් කරන්න වෙලා තියෙන්නේ.
කෝකටත් තයිලේ වාගේ දුකටත් ගන්න සතුටටත් ගන්න මයෙ පින්සල අතට ගත්තු මං ඔහේ ඉරි කෑලි අදින්න ගත්තා
එතකොට හිතේ ගින්න නිවෙනවා බොලව්.
කළු සායමෙන් ඔහේ ඉරි ඇද ඇදා උන්න මං පින්තාරුව දිහා උවමනාවෙන් බැලුවා. ඒකත් කලාත්මකයි වාගේ.
ඔහේ ඇන්ද ඉරි ටික ටිකක් හැඩ කරලා කාන්තාවක් කරාපු මං අහක ගිය ඉරි ටික ඵල බරවුණු ගහක් කරා.ඒ දෑල පින්සල් ඉරි වලින් බද්ධයි.
"සමන් දෙයි හාන්දුරුවනේ....
මං නිතරෝම පන්සිල් රකින්න නොකඩා ඉන්න උත්සාහ කරන කුරා කුහුඹුවෙක්ට වත් වරදක් නොකරන මනුස්සයෙක්....
මයෙ නගා ළමයි පැටවුන්ට හරි ආසයි. වේලාපත්කඩේ ඇත්ත වෙන්න නම් දෙන්න එපා....
එක පැටියෙක් හරි දෙන්න මයෙ නගාට....
මං පුළුවාන් තරම් පින් කරලා පින් දෙන්න පොරොන්දු වෙනවා."
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)