උක්කුං මැද්දෙ තියාගෙන ගප්පියායි මායි දෙපැත්තෙ ඉදගෙන.දෙන්නම හරි~ නිස්සබ්දයි.
"මයෙත් එක්ක තියෙන තරහද ගෙදර උන් පිටින් යවන්නේ?"
"මට උබ එක්ක තරහ ගන්න පුලුවන්ද බණ්ඩාර?"
මයෙ ඇස් දිහා බලාගෙනම ගප්පියා අහද්දි මං අහක බලාගත්තෙ උගුර පාදලා.
"මට අර නාකියව භූමිතෙල් දාලා ගිනි තියන්න හිතිලා ඉන්නේ."
"උබට ආයෙ මොනා හරි කීවද?"
"මූ මෙහෙම වැටිලා ඉන්නෙ මං හන්දා"
ගප්පියා උක්කුන්ගේ ඔලුව අත ගාන ගමන් කදුළු පුරාවගත්තා.
"උගෙ ජිවිතේ බේරුවේ උබ"
"බේරුවෙ නෑ .තව එක මරණයක් වැලැක්කුවා.එච්චරයි."
උරපත්තේ කදුළු ටික පිහාගෙන උක්කුන්ගේ පපුව දිගේ තෙල් ගාන්න ගත්තා.
"මූට දොළහක් වත් නෑ කියලා මං අච්චර කියද්දිත්-"
කිය කියා උන්න කතාව මගින් අහවර කරන්න උනේ උක්කුං ඇස් ඇරිය හන්දා.සිහි ආවම් පස්සෙ තෙල් ගගා උන්න ගප්පියා දැකලා මූ ආයෙම වලිප්පුව වාගේ ගැහෙන්න ගත්තා.
"හා! හා! හෙමීට හුස්ම ගනින්!! කො- හෙමීට! ආන් එහෙම...උඩට ගනින්....ම්ම්ම්ම්...පහළට... උඩට.....පහළට...."
ගප්පියා උක්කුන්ගේ පපුවට හදවත ගැහෙන තාලෙට තට්ටු දාන්න ගද්දී නම් කොල්ලා ඩිංගක් සන්සුන් උනා ඕන්.
"කුම්- කුම්-!!!"
"උගුර වේලිලා තියෙන්නෙ.මේක බීලා ඉදින්."
උක්කුං ගප්පියා දික් කරාන ඉන්න පොල්කට්ට දිහා බලාගෙනත් වෙව්ලනවා.මං ඒක අරගෙන උක්කුංට ඩිංග ඩිංග පොවන්න ගත්තා.උගුරු දෙකක් බීලා මයෙ දිහා බලන් මොකද්දෝ කියන්ට තටමනවා.
"නි- නිලමේ මේ මේ කුම්-"
"මං දන්නවා බං"
උක්කුංගෙ හැසිරීමෙන් වෙච්ච කෙරිච්ච දේවල් ඔළුවට යද්දී ගප්පියාට තරහ ගිය හේතුව තේරුණා.වෙද අත්තාගෙ පැත්තෙන් ගත්තාම ඒක උගෙ රාජකාරිය.මං කොල්ලගෙ ඔලුව අතගෑවේ ඌ හොඳටම බය වෙලා නිසා.
"උබ කාටවත් නොකියා ඉදිවිය කියලා තමා ගප්පියා අයියන්ඩිම උඹේ ජිවිතේ බේරුවෙ...
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)