කාලේ ඔහේ ගෙවෙනවා.අපිත් ඔහේ වයසට යනවා.ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙන්නේ.
උදේට පන්සල් යනවා.අකුරු කරනවා.ගෙදර එනවා.බුදියනවා.එකම චක්කරේ.කිසිම ප්‍රබෝධමත් බවක් නෑ.
පන්සලේ බෝ මළුවට වෙලා ජිවිතේ අනිත්‍ය මෙනෙහි කරන ගමන් උන්න මං දැක්කේ දාගැබට දොහොත් මුදුනේ තියං පෙරළි පෙරළි වදින ගප්පියා.
පුදුම වෙන්න දෙයක් නෑ.කාලෙන් කාලෙට ඔහොම මොකක් හරි ජවුසමක් නටන එක ඕකගේ පුරුද්ද.
අවසාන වසයෙන් පසග පිහිටුවලා වැදල මේ ඉසව්වට ඇවිදින් බෝධියට වත් කරන්න පැන් කළයක් ගේන්න ආයේ දිව්වා.
පැන් කළේ ඔලුව උඩ තියාන් මතුරනවා.ගාථා කියනවා වෙන්ඩෝන.
ඒකත් දාලා මා දිහාවට උඩ පැන පැන එනවා.කොච්චර වයස ගියත් මුගේ ළමා ගති නම් ඇරෙන්නෑ.
දැන් මං තරම්ම වාගේ උසයි.ඒත් අර කැහැටු ඇග නිසා දිගංචියා වාගේ.උස විතරයි.
මං උගේ සමයං දැක්කේ නෑ වාගේ ඇස් පියා ගත්තා.
"ඔහොම මුකවන් ඉන්නැතුව ගිහින් මලක් පහනක් වත් තියපංකෝ.මේ ටිකේම ඔහොමයි....
පයින් දෙකක් දෙන්න හිතෙනවා දැක්කාම."
"මට සේරම එපා වෙලා වගේ බං"
"ගිහි ගේ කළකිරුණාද?..
මං කිව්වා මැණිකෙට ඔහොම වෙයි කියලා.කොහෙද මං කියන ඒව එක කනකටවත් මායිම් කරනවා කියලායැ."
"එහෙම්මත් නෙවේ.අනේ මන්දා....
ඇයි බං අපි මෙහෙම ජීවත් වෙන්නේ.හැමදාම එකම චක්කරේ කර කරා කර කරා එපා වෙනවනේ ."
ගප්පියාගේ මූනත් නාලු උනා.ඌට තිබ්බ බලය ජවය සත්තියත් මං නැති කරාදෝ.
"ආ...හරිනේ. උබට මේ චක්කරෙයි එපා වෙලා තියෙන්නේ.ජිවිතේ නෙවේ...
ඒකට විසදුමක් තියේ.අපි චක්කරේ වෙනස් කරමු.එතකොට හරි යයි."
මූ මටත් වඩා මාව තේරුම් ගන්නවානේ බලන් ගියාම.
"වෙනස් කරන්ඩ මොකද්ද කරන්න ඕනි?"
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)