පරිච්ඡේදය 18

476 91 60
                                    

"බණ්ඩාර"

රෑ බෝ වෙද්දී ළග පංසලක බණ මඩුවේ තමා නඩේ නිදා ගත්තේ.මට එහායින් ඇල වෙලා උන්න ගප්පියා රහසින් මුමුනද්දි ඌට පිටු පාලා නිදා උන්න මං ඒ පැත්තට හැරුනා.

හඳ එලියට ගප්පියාගේ ඇස් දිස්නේ ගහනවා කදුළු පිරිලා හන්දා.වෙද මහත්තයා අද නොසෑහෙන්න දොස් තිබ්බණේ මූට.

ඒ දිය ඇල්ල තිවුනේ තුන් මං හන්දියක.තුන් බෑ නඩේට නිනව්වක් උනේ නෑ ඒක. ගිය දවසක නටාපු තොවිලෙක පෙරේත තට්ටුවකුත් ගෙනිහින් වතුරට දාලා තිබිලා. ඒකයි පීල්ලෙන් වතුර පුරවන් විගහට ගොඩ වෙන්න කියලා තියෙන්නේ.

තදයා වාගේ බනිද්දි ගහද්දි කදුළු හිර කරාන් ඉන්නවා සේරොමල්ල ඉස්සරහා.ඊගාවට හොයාන එන්නේ මයෙ උරපත්ත.

කොච්චර දඬු දිග උනත් කදුළු වගුරද්දී මට මූව තාමත් දැයෙන්නෙ මයෙ සරම් බොක්කේ නැලවුනු පොඩි එකා ගානට.

"ලඟට වරෙම් මයෙ වස්තුව."

කියන පමාවට ඔලුව මයෙ පපුව මැද්දැවට ගහන් ඉකි ගහන්න ගත්තා. ඌට කදුළු පිරෙද්දි හැමදාම වාගේ මයෙ ඇස් කෙවෙනි දැවිල්ල අල්ලන්න තියා ගන්නවා.

වෙද මහත්තයා ගොඩක්ම දෙස් තිබ්බේ මුගේ මිය ගිය අම්මා අප්ප මතක් කරලා.අනුන්ගේ එකෙක් හන්දා තලන්න බැරිය කීවාම මයෙ අහිංසකයගේ ඇස් ගැස්සුණා.

නාකි උන්දාය කීවට මොකෝ මුගේ පණත් හරි වෙද මහත්තයාත් හරි.

"මට- මටහ්!! කවුරුත්-"

"ශ්.....මං ඉන්නවා."

ගප්පියා මාව තද කරන් ඉන්නේ මං ඌව දාලා ඈතකට යයි වාගේ.

හැමෝටම පේන්නේ මුගේ දරදඩුකම.කවුරුත් දකින්නෑ මූ අස්සේ ඉන්න ලාමකයව.පිරිමියෙක් කියලා මොකෝ හිත්තකයා ගහක් ගලක් වෙනවැයි. මූ හරී සංවේදී මනුස්සයෙක්.මොන උනත් වෙද අත්තට තිබ්බා එහෙම නොකියා ඉන්ට.

"මටහ් උබට කි- කියන්න දෙයක් තියේ"

"හු#න් නැතුව නාස් ලණුව දාපන්!!"

රොත්තට නිදන් ඉන්න උන්ගෙන් එකෙක් හීනෙන් කියවනවා ඒ අස්සේ. අඩ අඩා හිටපු එකාටත් හිනා යද්දී හොටු ඩිංගකුත් පැන්නා.මං මයෙ හොටු කොල්ලත් ඇදන් මිනිස්සු උඩින් පැන පැන එළි පහලියට ආවා.

|| දෑල ||Where stories live. Discover now