"මොකද දෙන්නාහ්?? ම්ම්ම් ??? අප්පච්චි ඇවිත් ඉන්නේ. සද්දෙ අඩු කරානන් දෙන්නම."
මයෙ අම්මා කාමරේ දොරෙන් එබුණාම මං ගොනෙක් වාගේ හිනා උනේ.
මේ පොඩි ඇටයා මුනු මුනු ගගා දිවෙන් මයෙ අල්ල ලෙව කනවා.
"චි:!!!"
උගේ කෙල තප්ප ගෑවිච්ච අල්ල මං සරමේ පිහා ගත්තා.හිරිකිත වැඩමයි මුගේ තියෙන්නේ.
"පෙන්නහන්කෝ"
තොලත් හපාන ඇස් බැමි උඩ දානවා.දැම් මුගේ මනමාල මුණයි,නසරාණි මූණයි එක්කාසු වෙලා තියෙන්නේ ඕන්.දෙන්න තියෙන්නේ දෙකක් පොඩි නසරානියාට.
අප්පච්චිත් අපිට තඩි බානවායි,දඬු කඳේ ලානවායි උනාට මොකෝ මූට සැර වැර කරන්නේවත් නෑ .
ඇත්තමයි මේක නම් මහා~ අසාධාරණ ලෝකයක්.
මුගේ කට වහපු අත අයින් කෙරුවාට මං අනිත් අතින් මූව අල්ලන් උන්නේ.ඉතින් නලියනවා යකඩ පෙට්ටගම ලඟට යන්න.
"පෙන්නන්නම්.ඊට කලියෙම් කියහං අර පොත් කොහෙන්ද? කවුද දුන්නේ?"
"විස්තර ටික අහන් මුලා කරොත්?"
"මං එහෙම එකෙක් ද?"
මුලා කරන්නම මිනිහානේ.ගප්පියා මයෙ දිහාව බලා උන්නේ මට තුරුල් වෙලා.
තුරුල් නෙවේ මං මේ අත් දෙකෙන්ම හිර කරාන ඉන්නේ නැත්තම් මෙලහකටත් දුවලා.
"කෝ කියහං!! කවුද දුන්නේ?"
"එකක් නම් ආ- මං උබට එදා වැවේදි කීවේ."
"ම්ම්ම් අනිත්වා?"
"ගමේ ගියපු වෙලේ ඒවයෙ පොත් කඳු ගණන් තිව්වේ මං ඉතින් උස්සන් ආවා"
වෙද මහත්තයාත් පෘථග්ජන මනුස්සයා තමා.එහෙමයි කියලා...ඒත්- අනේ~ මන්දා.
"දැන් අරක පෙන්නහන්"
මූ මගෙත් එක්ක අමනාප වෙයිද.කමක් නෑ හිත හදාගනිම් හැමදේම වෙන්නේ හේතුවක් ඇතුව සංසකයො.
ගප්පියාව ඇතැරල මං ගිහින් දොරේ අගුලත් දැම්මා.මුත් හොර මූණක් දාන් ඉන්නවා මයෙ සහයට.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)