"තොපි මෙතනට වෙලා මනෝ ගගහා ඉන්නවා..මං වේටර්කම් කරන්න ඕනේ..!ඉදා ගනින්...!"
මිලාන් කෑගහගෙනම ගෙනාපු ඉරිඟු ටිකයි කෑම ටිකයි බෙදන්න ගත්තා...
"මටත් වඩේ එකක්...."
දිල් වඩේ බෑග් එකෙන් වඩේ එකක් අරගත්තාම විදත් පාඩුවේ පුච්චපු ඉරිඟුවට වගකියන්න ගත්තා...
"ඔය කොච්චි වඩේ ඕවා සැරයි.."
"උඹ වැරදි කෙනාට කිව්වේ සුද්දා..!"
"ආහ් කාපංකො එහෙනම්.."
මිලාන් දිල්ට එහායින් ඉඳගත්තම කෙල්ල උළුඳු වඩේ එකක් කන්න ගත්තෙ ගැම්මට කතාවකුත් කියාගෙන...
"ඒ විද්දා මං අහන්න හිටියේ උඹේ අතට මොකද වුණේ...?"
මිලාන් ඇස් යැව්වේ විදත්ගෙ වම් අතට..
නකල්ස්වල එහෙන් මෙහෙන් අලවපු ප්ලාස්ටර් පුංචි හීරුම් පාරවල් ඇරෙන්න ලොකු අවුලක් තිබුණෙ නැහැ..."ඒක අවුලක් නෑ..."
"නැත්තෙ නෑ කියපං උඹ සුද්දෙක් එක්ක වලියකටවත් ගියාද ?"
"ම්ම් ඒ වගේ..." නැත්තම් ඉවසීම දර්පණයකට බාර කළා කියලා කියන්නද ?
"මං කියන්නෙ උඹට තියෙන්නෙ එසේ මෙසේ පු# අමාරුවක් නෙමේ..."
"රිදෙනවද ?"
"ඒක එච්චර ගාණක් නෑ බන්"
"මූට කවද්ද කිසි දේක ගාණක් තිබුණේ..!"
මිලාන් පශ්චාත්භාගෙට දෙස් තියද්දි දිල් වේදනාව ඇහුවම මේඝ නෝක්කාඩුවක් එක්ක දුන්නෙ එපාමකරපු බැල්මක්..
"මේ බලපං! තම්බපු ඉරිඟුව එකසිය පනහයි...ඒක පොඩ්ඩක් පුච්චලා දෙසිය පනහයි..පුච්චලා ලුණු කුඩු ටිකක් ඉහන්න සීයක්! යකෝමුන්ට හෙන ගහණවා! " මිලාන් පළවෙනි කටම කැවේ විශාල චෝදනාවකින්..
"ඔව් බං මුන්ගෙ ගිනි ගණන්..."
මේඝත් චෝදනාවකින්ම හවුල් වුණා..ඒ චෝදනා කොහොම වුණත් විදත්ටනම් තිබුණේ එහෙම හරි ඉරිඟුවක් කන්න ලැබුණ එක ගැන හොඳ මනෝභාවයක්...වෙලාවත් එක්ක මුහුදු සීමාවේ පුච්චපු ඉරිඟුකරලක් කනවා කියන්නෙ ආයෙ හොඳම ගැළපීමක්...
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-