දහතුන්වන කොටස 🥀

1.3K 190 22
                                    

"ඔක්කොම කන්නෙ නැතුව නැගිටින්න තියා හිතන්නවත් එපා බේසිකයා"

"මෙච්චර කන්නෙ කොහොමද මං?"

"කන්න බැරි නම් ඕක ඇඟෙ උලාගම්. කොහොමහරි ඕක ඉවර වෙනකල් උබට නැගිටින්න බෑ"

"හා හා කන්නම් කන්නම්. ඔය ඕක පැත්තකින් තියපංකො. මං කන්නම්"

"ඊයෙ විහස්ය එතනට ආවෙ නැත්තම් මොකක්ද කරන්නෙ බං?"

.....

"මුට කියන කට හොඳයි කෙයාන් ගිහින් අර එහා ඇනෙක්ස් එකේ ඉන්න ශෙරින් ආන්ටිගෙ අර නාකි බල්ලාව ඉඹිනවා. මට එන කේන්තියට මුට ගහන්නමයි හිතෙන්නේ"

ඊයෙ මං ෆේන්ට් උනා කියල අර පිස්සු පකා කෙලින්ම මුන්ට කියලනේ. ඉතිම් පාන්දර ඉදලා ආශ් රෝලර් පින් එක අතට ගත් සටන් දෙවියා වගේ මගෙ වටෙ කැරකි කැරකි බනිනව ගහන්න හදනව විතරක් නෙවෙ දෙපාරක්ම රෝලර් පින් එකෙන් පිට මැදට දුන්නා. මුන් දෙන්නා මේ දැනුත් මට මහා බත් එකක් කන්න වද දෙනවා. මං සාමාන්‍ය විදියට හිටියත් ජීවිතේට මෙච්චර කන්න බෑ. එහෙම එකේ කොහොමද මං මෙ අසනීපෙන් ඉදන් කන්නේ. කටම අප්පිරියයි. ඒත් කන්න බැ කියලා නිකන් ශරීර හානි කරගන්නත් බැනේ. ඔක්කොටම මුල අර පිස්සු පකා තමා. උට බොරුවක් කියන්න බැරි උනාද. ශිට්.

"Good morning Vihasya."
"ඔව් මල්ලි මේ කන ගමං"
"ඕ ඕ"
"දාලා ඇවිත්ද? කොහොමත් මුට සිහියක් පතක් නැනෙ මල්ලි"
"හරි එහෙම කරන්න."
"Okay. Take care"

මට කන ගමං ඇහුනා කෙයාන්ට කෝල් එකක් ආවා අර පයකගෙන්. දාලා ඇවිත් කිව්වේ ආ අනිවාර්යයෙන්ම ඉතුරු කේලමත් කියන්නැති. මූ පලිගන්නවද කොහෙ මගෙන්. ඒස බණ්ඩා.

"ආ අගා උබ බෙහෙත් ටික දාලා ආවද?"

"නැ බං ගන්න අමතක උනා"

"අනෙ යකෝ!! උබට කිසි ගානක් නැ ඒකයි මෙ ඔක්කොම. ඉක්මන්ට කාපං යන්න ඕනේ"

කොහොමහරි අර බෙදල දීපු බත් එක අමාරුවෙන් කාලා ඉවර උනාම තව පලතුරු පීරිසියකුත් දුන්නා මේ බේසික ආශ්. මුන් හදන්නෙ මට කන්න දීලා මරන්න. අනෙ මගෙ අහිංසක ආමාශේ. සමාවෙන්න අද මෙච්චර බරක් ඔයාට දෙනවට. කොහොමහරි කාලා බීලා බැනුම් අහලා මහා සටන අවසානේ අපි නවයට විතර ගෙදරින් එළියට බැස්සා. අරුන් දෙන්නට කම්පැනි එකට යන්න කියලා මං ආවේ කැෆේ එකට.

Us, Again || 🥀✨️Where stories live. Discover now