විසි නවවන කොටස 🥀

978 174 11
                                    

"අගා මං ඉන්නම් බං"

"විකාර නැතුව යන්න ආශ්"

"උබට තනියෙන් වැඩ ටික කරගන්න බැනෙ. අනික ඇවිදින්නත් බැරි එකේ උබ පම්ප් එකක්වත් දාන්නෙ කොහොමද?"

"උට අහු වෙන හරියකින් බෝතල් දෙක තුනක් තියලා යමං. එතකොට හරිනෙ"

"අනෙ මෙ කෙයාන් විහිලු නෙවෙයි හරිද. මං අද ඉන්නම්. උබට අද වැඩ ටික බලාගන්න පුලුවන් නෙ"

"ආශ් කියන දේ අහලා යන්න. මට පුලුවන් ඉන්න."

"ඒත් බං"

"ඒත් මේත් නෙවෙයි. උබ අද ඉන්නම ඕනෙ දවසක්. ඇයි මතක නැද්ද අද ජැපැන් ඔඩිශන් එක. අගා උබත් ගෙදර ඉදන් ජොයින් වෙයන් හරිද? ආශ් යමං. පරක්කුයි"

ආශ් මං නිසා නවතින්න කොච්චර ට්‍රයි කලත් අවසානෙ එයාට යන්න උනා. අද කම්පැනි එකට යන්නම ඕනෙ දවසක්. ඒත් මට යන්න විදියක් නැති නිසා ඔක්කොම ඔන්ලයින් ඉදන් කරගන්න වෙනවා. කරන්න ඕනෙ එපා දේවල් දාහක් විතර කියලා උන් දෙන්නම ගියාම මං ඇඟිලි තුඩු වලින් ලිවින්ග් ඒරියා එකට ආවෙ රුම් එකෙ ඉන්න බැරි නිසා.

ලංකාවෙ වෙලාවෙන් නවයහමාරට ඔඩිශන් එක පටන් ගත්තා. මට මාරම ආස හිතුනා. Welcome events දෙකක් තිබ්බා. අපිට online join වෙන්න පුලුවන් උනා sponsor company විදියට. ඔක්කොම අනූ අටක් හිටියා trainers ලා. එක එක රටවලින්. වැඩේ නම් නියමෙට ගියා. හැබැයි කිව මෙලෝ දෙයක් තේරුනෙ නැ ඔක්කොම ජැපනීස් වලින් තිබ්බ නිසා. වෙලාවට live subtitles තිබ්බේ. මොනවා උනත් මට තේරුන දේ තමයි ඒ ඔඩිශන් එක වෙනම ලෙවල් එකක්. අපේ ඔඩිශන් වලට වඩා ගොඩක් වෙනස්. මං ඒක බලන ගමං ගොඩක් ideas මගෙ ඔලුවට ගත්තා අපේ ඉස්සරහ වැඩවලට කරන්න ඕනෙ විදිය ගැන. අපෙන් ගිය හතර දෙනා group performance එකක් කලේ එක එක company වලින් එන trainers ලා group එකක් විදියට performance කරන්න තිබ්බ නිසා. Individual trainers ලා වෙනම group එකක් විදියට තිබ්බා.

මං දොළහ විතර වෙනකල් ලැප් එකේ ඔඩිශන් එක ප්ලේ වෙන්න දාලා මට ආව මේල්ස් චෙක් කලා. පොඩි බඩගින්නක් ආව නිසා කුස්සියට යන්න හෙමීට නැගිටිනකොට ඇහුනා එළියෙ වාහනයක් නවත්තනව වගේ. ගේට් එක අරින්න ඕනෙ නිසා කුස්සියට නොගිහින් cctv එකෙන් බැලුවේ ආවෙ කවුද කියලා. දන්න වාහනයක් නෙවෙයි. කලුපාට ඩිෆෙන්ඩර් එකක් අපේ ගේට් එක ඉස්සරහ පාරෙන් එහා පැත්තේ නවත්තලා. මං බලාගෙන හිටියේ කවුරුවත් එළියට බහිනවද කියල. විනාඩි පහක් වගේ යනකලුත් කවුරුවත් බැස්සෙවත් ගේට් බෙල් එක ගැහුවෙවත් නැ. මේක private road එකක් නිසා නිකන් වාහන නවත්තන්නෙත් නෑ. වෙන ගෙදරකට ආව කවුරුහරි වෙන්නැති කියලා මං ආයෙ අමාරුවෙන් ඇඟිලි තුඩු වලින් ඇවිදන් කුස්සියට ගිහින් කිරි එකක් හදාගෙන කේක් කෑල්ලකුත් අරගෙන ආවේ ආයෙ cctv එක දිහා බලන ගමං. තාම ඒ වාහනේ තියනවා. එන එකෙක් එනවා නම් ඇවිත් බෙල් එක ගහවිනෙ. මං ආයෙ වාඩි වෙලා මේල්ස් චෙක් කලේ ලැප් එකටත් අවදානෙ දෙන ගමං.

Us, Again || 🥀✨️Where stories live. Discover now